මාර්ෂල් අර්ජන් සිං අභියෝග කුසලාන හොකී තරගාවලිය හෙට

50

මාර්ෂල් අර්ජන් සිං අභියෝග කුසලාන හොකී තරගාවලිය ඉන්දියාවේ චන්දිගාර් නගරයේ දී හෙට (23 වැනිදා) ආරම්භ වේ.

ඒ සඳහා සහභාගි වන ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම පෙරේදා (20 වැනිදා) දිවයිනෙන් පිටත්ව ගියහ.

නිලධාරීන් සිව් දෙනකුගෙන් සහ ක්‍රීඩකයන් 18 කගෙන් සැඳුම්ලත් එම කණ්ඩායමේ නායකත්වය ප්‍රමෝද්‍ය උදයශාන් ප්‍රනාන්දු විසින් හොබවන අතර කේ. ඩබ්ලිව්. ජී. ඒ. ඒ. සී. මෙල්ඩර් උප නායකත්වයෙන් සහාය වෙයි.

ශ්‍රී ලංකා ජාතික හොකී කණ්ඩායම මෙහෙයවා අත්දැකීම් සපිරි තුසිත් දර්ශන රත්නසිරි, ළහිරු ගිහාන් වීරසූරිය සහ තරංග ගුණවර්ධන යන ක්‍රීඩකයෝ ද එම කණ්ඩායමට අයත් වෙති.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව, බංග්ලාදේශ ගුවන් හමුදාව, බි්‍රතාන්‍ය රාජකීය ගුවන් හමුදාව යන ආරාධිත කණ්ඩායම් ඇතුළුව ඉන්දියාවේ ප්‍රබලතම කණ්ඩායම් 16 ක් “මාර්ෂල් අර්ජන් සිං අභියෝග කුසලාන” තරගාවලියට එක්ව සිටිති. හොකී ක්‍රීඩාවට අතිශයින්ම ආදරය කළ පුද්ගලයකු ලෙස ජනාදරයට පත් අර්ජන් සිං මහතා තරු 05 පැළඳ ගත් පළමු සහ එකම මාෂල් ඔෆ් ද ඉන්දියන් එයාර් ෆොර්ස් නිලධාරියා ද වෙයි. ඉන්දියානු ගුවන් හමුදා ක්‍රීඩා පාලක මණ්ඩලය ගත් තීරණයකට අනුව අර්ජන් සිං මහතා ගේ සේවයට ගරු කිරීමක් ලෙස සමස්ත ඉන්දීය හොකී තරගාවලිය 2018 වසරේ දී ආරම්භ කෙරුණි.

ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම

ප්‍රමෝද්‍ය උදයශාන් ප්‍රනාන්දු (නායක), කේ. ඩබ්ලිව්. ජී. ඒ. ඒ. සී. මැල්ඩර් (උප නායක), තුසිත් දර්ශන රත්නසිරි, ළහිරු ගිහාන් වීරසූරිය, තරංග ගුණවර්ධන, ලක්ෂාන් නානායක්කාර, එම්.එම්. මුලාෆර්, දිනේෂ් ගමගේ, ජී. බී. විජේරත්න, ශාන්ත ද මැල්, ඩී. ජී. එස්. මදුශංක, ජේ. එෆ්. ඩී. ප්‍රනාන්දු, එම්. එස්. වීරසූරිය, පී. ආර්. සී. ප්‍රනාන්දු, බී. ඒ. ඩී. ආර්. එස්. නිමංක, එම්. එම්. එම්. මනාසීර්, බී. ඒ. එල්. සඳරුවන් සහ එස්. එම්. ඒ. එස්. සමරකෝන්.

එච්. ඒ. එන්. එන්.බී. ඇටිපොල මහතා (කණ්ඩායම් ප්‍රධානී), ඩබ්ලිව්. පී. එස්. පී. වික්‍රමසිංහ මහතා (කළමණාකරු), ඩබ්ලිව්.ඒ.සී.එස්. විජේසුන්දර මහතා (නිලධාරී) එස්. ඒ. ජී. පී. සී. කුමාර මහතා (පුහුණුකරු).
අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment