රග්බි සිව්කොන් ජාත්‍යන්තර තරගාවලිය – ශ්‍රී ලංකා නායකයා සුහිරු

1

රටවල් 04 ක සහභාගිත්වයෙන් යුතුව කොළඹ දී ක්‍රියාත්මක කෙරෙන ආසියානු රග්බි පාපන්දු ශූරතා පළමු කොටසේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ නායකත්වයට සුහිරු ඇන්තනී නම් කර තිබේ.

මෙවර අන්තර් සමාජයීය ලීග් රග්බි පාපන්දු තරගාවලියේ ශූරතාව දිනා ගනිමින් කැපී පෙනුණු අගනුවර සී.ආර්. ඇන්ඩ් එෆ්. සී. ක්‍රීඩා සමාජයට නායකත්වය දුන් සුහිරු ඇන්තනි බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයෙන් රග්බි පාපන්දු පිටියට අවතීර්ණ වූ ක්‍රීඩකයෙකි.

මහනුවර ත්‍රිත්ව විදුහලෙන් රග්බි පාපන්දු කෙළිබිමට පිවිස වර්තමානයේ මහනුවර ක්‍රීඩා සමාජය නියෝජනය කරන තරින්ද රත්වත්තේ මෙවර කණ්ඩායමේ උප නායකත්වය හොබවයි.

සත්කාරක ශ්‍රී ලංකාව, කටාර් රාජ්‍යය, කසකස්තානය සහ ඉන්දියාව අතර මෙවර ආසියානු ශූරතා රග්බි පාපන්දු පළමු කොටසේ තරගාවලිය අප්‍රේල් 30 සහ මැයි 04 කොළඹ හතේ රීඩ් මාවතේ පිහිටි පැරණි තුරඟ තරග පිටියේ දී ක්‍රියාත්මක කෙරේ.

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ අනුමැතිය සඳහා යොමු කර ඇති ජාතික රග්බි පාපන්දු සංචිතය පහත දැක්වේ.

සුහිරු ඇන්තනී (නායක), තරිදු රත්වත්තේ (උප නායක), තෙනුක නානායක්කාර, සුබයිර් දොරේ, වෙනුර කෝදාගොඩ, අදීෂ වීරතුංග, ලසිඳු කරුණාතිලක, රවීන් ද සිල්වා, මනිල්ක රුබේරූ, ජනිදු ප්‍රනාන්දු, ෆායිස් අබ්දුල්ලා, අස්මීර් ෆාජුඩින්, මොහොමඩ් රිෆාන්, ළහිරු තිලකරත්න, ආකාෂ් මදුශංක, හිරන්ත පෙරේරා, සචිත් සිල්වා, චරිත් සිල්වා, දුෂ්මන්ත ප්‍රියදර්ශන, පුලස්ති දිසානායක, ජනිත් ලක්සර, හිරූෂ සම්පත්, තරිඳු චතුරංග, හේෂාන් ජැන්සන්, කවිඳු ද කොස්තා, ඩිනාල් ඒකනායක, නාලක මධුරංග, සුධාරක දික්කුඹුර, ස්ටෙෆාන් ග්‍රෙගරි සහ ශෂික ප්‍රනාන්දු.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment