නි. රුසියානු ආරක්ෂක ඇමැතිවරයා රිමාන්ඩ් අල්ලස් ලබා ගැනීමේ චෝදනාව මත

284

අල්ලස් ලබා ගැනීමේ චෝදනාව මත නියෝජ්‍ය රුසියානු ආරක්ෂක ඇමැති ටිමුර් අයිවනොව් ලබන ජූනි මස 23 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස රුසියාවේ මොස්කව්

අගනුවර පිහිටි අධිකරණයක් විසින් ඊයේ (24) නියෝග කර තිබේ.

මොස්කව් නගරයේ බස්මැනි දිස්ත්‍රික් අධිකරණය විසින් මෙසේ රුසියාවේ නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිවරයා සිරභාරයේ තබන ලෙස නියෝග කර ඇති අතර නියෝජ්‍ය ඇමැතිවරයාට එල්ල වී ඇති අල්ලස් ලබා ගැනීමේ චෝදනා සනාථ වුවහොත් ඔහුට වසර 15 ක සිරදඬුවමක් නියම කෙරෙනු ඇතැයි රුසියානු මාධ්‍ය පවසයි. කෙසේ වුවද නියෝජ්‍ය ඇමැතිවරයා ඔහුට එල්ල වී ඇති අල්ලස් චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ. 2016 වසරේදී රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයට තේරී පත්ව ඇති 47 හැවිරිදි නියෝජ්‍ය ඇමැති අයිවනොව් රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයේ යුද යටිතල පහසුකම් ව්‍යාපෘති භාරව කටයුතු කර තිබේ.

සංස්කරණය ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment