ගාසා තීරයේ සටන් විරාමය ඇරැඹෙයි

174

ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 13ක් ඊයේ නිදහස් කරන්න සැලසුම්

පලස්තීන කාන්තාවන් හා ළමයින් 150ක් නිදහස් කරන්නත් සූදානමක්

ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට මග පෑදීම සඳහා ගාසා තීරයේ ඊශ්‍රායල් හමුදා හා හමාස් අන්තවාදීන් අතර මාස එකහමාරක කාලයක් තිස්සේ ඇවිලී පවතින සටන් ඊයේ (24) සිට දින හතරක කාලසීමාවකට, තාවකාලිකව නතර කළ බව දෙපාර්ශ්වය විසින් නිවේදනය කර තිබේ.

කටාර් රාජ්‍යයේ මැදිහත්වීමෙන් ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර ඇති කර ගෙන තිබෙන මෙම සටන් විරාමය යටතේ ඊයේ (24) දිනයේ හමාස් සංවිධානය විසින් රඳවා ගෙන, සිටින ඊශ්‍රායල හා විදෙස් ප්‍රාණඇපකරුවන් 240 ක් පමණ දෙනා අතුරින් 13 දෙනෙකු නිදහස් කිරීමට නියමිතව තිබූ අතර, සටන් විරාමය, ක්‍රියාත්මක වන දින හතර තුළදී ප්‍රාණඇපකරුවන් 50 දෙනකු නිදහස් කිරීමට නියමිතව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සටන් විරාමය යටතේ ඊශ්‍රායලය විසින් සිරගත කර සිටින පලස්තීන කාන්තාවන් හා ළමුන් 150 දෙනකු ද නිදහස් කිරීමට නියමිතව ඇත.

මෙම, සටන් විරාමය ක්‍රියාත්මක කිරීමට මොහොතකට පෙර ගාසා තීරයේ සුළු වශයෙන් ඊශ්‍රායල් හමුදා හා හමාස් සංවිධානය අතර වෙඩි හා මෝටාර් ප්‍රහාරයන් හුවමාරු වී ඇති බව වාර්තා වී තිබේ.

මේ අතර සටන් විරාමය ක්‍රියාත්මක වීමත් සමගම ඉන්ධන, ආහාර, බෙහෙත් ඇතුළු ආධාර රැගත් ලොරි රථ ඊජිප්තුවේ කයිරෝ අගනුවර සිට ගාසා තීරය වෙත ගමන් ඇරඹූ බව වාර්තා වී තිබේ. ඊජිප්තුවට අනුව සටන් විරාම කාලසීමාව තුළ දිනකට ඩීසල් ලීටර් එක්ලක්ෂ තිස්දහසක පමණ තොගයක් ගාසා තීරයට සැපයීමට එරට විසින් කටයුතු යොදා තිබේ.

මේ අතර බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඩේවිඩ් කැමරන් ඊයේ (24) පලස්තීන නායකයන් හමුවී සාකච්ජා පවත්වා ඇති අතර ගාසා තීරයට අවශ්‍ය සෑම සහයක්ම ලබා දීමේ හැකියාව බි්‍රතාන්‍ය විසින් සොයා බලමින් සිටින බව පවසා තිබේ.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment