මූල්‍ය ආරක්‍ෂණ ජාලය ශක්තිමත් කරන්න ඩොලර් මිලියන 150ක්

70

මූල්‍ය අංශයේ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ලෝක බැංකු සමූහයේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය වෙතින් ඇමෙරිකානු ඩොලර් මිලියන 150ක ණය පහසුකමක් ලබාගැනීමට ශ්‍රී ලංකා රජය කටයුතු යොදා ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කළමනාකරණය කරනු ලබන ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය ශක්තිමත් කිරීමෙන් ශ්‍රී ලංකාවේ මූල්‍ය අංශයේ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීමට මෙම ව්‍යාපෘතිය දායක වනු ඇති බව මුදල් අමාත්‍යංශය පවසයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment