කුඩාඔය සපත්තු පාලමේදී සැඩ පහරට හසුවූ යතුරුපැදිකරුවා අතුරුදන්

185

කොස්ලන්ද පොලිස් වසමට අයත් බලහරුව අලුත්වෙල ප්‍රදේශයේ කුඩාඔය හරහා ඇති කෝසුවෙන් (සපත්තු පාලම) යතුරුපැදියකින් එගොඩවීමට ගොස් සැඩපහරට හසුව ගසාගෙන ගොස් අතුරුදන්වූ වාරිමාර්ග සේවකයා සෙවීමේ කටයුතු අඛණ්ඩව සිදුකරන බව කොස්ලන්ද පොලිසියේ වැඩබලන පොලිස් ස්ථානාධිපති පො.ප. ඩී. එම්. ආර්. එන්. කේ. දිසානායක මහතා පැවසීය.

කුඩාඔය සපත්තු පාලමේදී සැඩ පහරට හසුවූ යතුරුපැදිකරුවා අතුරුදන්

මෙලෙස අතුරුදන් වී ඇත්තේ හපුතලේ, බදුල්ල පාර නගර සභා නිවාස සංකීර්ණයේ පදිංචි පී. නිහාල් පෙරේරා (51) නමැති අයෙකි. ඔහු පැදවූ යතුරුපැදිය පාලමේ සිට කිලෝමීටරයක් පමණ පහළ රැඳී තිබියදී පොලිසිය මඟින් සොයාගෙන ඇත. ප්‍රදේශවාසීන්ගේ සහ නාවික හමුදාවේද සහාය ඇතිව ඔයේ ගසාගෙන ගිය පුද්ගලයා සෙවීමේ පරීක්ෂණ කටයුතු කොස්ලන්ද පොලිසිය මඟින් දියත්කොට තිබේ.

බඩල්කුඹුර – රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment