අගමැති සහ ඕමානයේ ඉහළ පෙළේ ආයෝජකයන් අතර හමුවක්

163

 අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා සහ ඕමානයේ ඉහළ පෙළේ ආයෝජකයන් අතර හමුවක් පසුගියදා අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

 එරට ෂුමූක් ආයෝජන හා සේවා ආයතනයේ විධායක නිලධාරී ඉංජිනේරු මුසල්ලාමි ජුමා අල් හදායිෆි, විධායක අධ්‍යක්‍ෂ අබ්දුල්ලා අල් බුලූෂි, ශ‍්‍රී ලංකාවේ ඕමාන තානාපති අල් ෂෙයික් ජුමා හැමිදන් අල්ෂෙහි, තානාපති කාර්යාලයේ පළමු ලේකම් මොහොමඞ් අල් මුකානි සහ ෂුමූකි ආයතනයේ නීති උපදේශක රොබින් මැන්ඩෙ යන මහත්වරු මෙම හමුවට එක්වූහ.

 මෙහිදී දෙරට අතර ආයෝජන කටයුතු පිළිබඳ සාකච්ඡා කර ඇත.

 මෙම ආයෝජකයන් ජෛව බුබුලූ සෞඛ්‍ය ක‍්‍රමය යටතේ ශ‍්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ අතර ඕමානයේ ශ‍්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩි මහතා විසින් මෙම සංචාරය සංවිධානය කරන ලදී.

advertistmentadvertistment
advertistmentadvertistment