මහනුවර හොකී තරගාවලියේ ශූරයෝ

59

මහනුවර දිස්ත්‍රික් අන්තර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පිළිමළුන් පිටුදැකීමේ හොකී තරගාවලියේ පිරිමි ශූරතාව මහනුවර ඕල්ඩ් කිංග්ස්වුඩ් ක්‍රීඩා සමාජය දිනා ගන්නා අතර වාරයේදී කාන්තා ශූරතාව දිනා ගැනීමට මහනුවර ස්වර්ණමාලි ක්‍රීඩා සමාජය සමත් විය. මෙම තරගාවලියේ පිරිමි අනුශූරතාව මහනුවර ඕල්ඩ් විද්‍යාර්ථ ක්‍රීඩා සමාජයට හිමි වූ අතර කැන්ඩි ලේඩීස් ක්‍රීඩා සමාජයට කාන්තා අනුශූරතාව හිමි විය.

පිරිමි අවසන් පූර්ව වටයේදී ඕල්ඩ් කිංග්ස්වුඩ් පිල හමුවේ ඕල්ඩ් සිල්වෙස්තර ක්‍රීඩා සමාජය ද ඕල්ඩ් විද්‍යාර්ථ පිල හමුවේ කේ. එච්. ඇන්ඩ් එෆ්. සී. ක්‍රීඩා සමාජය ද පරාජය ලැබීය.

කාන්තා අවසන් පූර්ව වටයේ දී ප්‍රබල සීතාදේවී ක්‍රීඩා සමාජය පරාජය කරමින් ස්වර්ණමාලි ක්‍රීඩා සමාජය ද මැණික්දිවෙල ක්‍රීඩා සමාජය පරාජය කරමින් කැන්ඩි ලේඩීස් ක්‍රීඩා සමාජය ද අවසන් තරගයට සුදුසුකම් ලැබීය.

මහනුවර දිස්ත්‍රික් ක්‍රීඩා කාර්යාලය විසින් සංවිධානය කරන ලද මෙවර තරගාවලිය මහනුවර දිගන පිහිටි මධ්‍යම පළාත් සභා ක්‍රීඩා සංකීර්ණ භූමියේ දී පැවති අතර ඒ සඳහා එක්ව සිටි පිරිමි කණ්ඩායම් සංඛ්‍යාව 07 කි. කණ්ඩායම් 05 ක් අතරේ කාන්තා තරගාවලිය පැවැත්වුණි.

ඉදිරියේදී ක්‍රියාත්මක කෙරෙන මධ්‍යම පළාත් ක්‍රීඩා උළෙලට සුදුස්සන් තෝරා ගැනීම මුල් කර ගනිමින් මෙම තරගාවලිය සංවිධානය කර තිබිණි.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment