ක්‍රිකට් තේරීම් කමිටුව චෝදනා ප්‍රතික්‍ෂේප කරයි – ජනපතිට – ඇමැතිට දන්වයි

474

ක්‍රිකට් තේරීම් කමිටුවට එල්ල කරන ලද සියලු චෝදනා ප්‍රතික්‍ෂේප කරන බව එහි සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, රොමේෂ් කළුවිතාරණ (සාමාජික), හේමන්ත වික්‍රමරත්න (සාමාජික) ජනාධිපතිවරයාට සහ ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතාට ලිඛිතව දැනුම් දුන්හ.

ක්‍රීඩා අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය මගින් ඉකුත් 3 දා නිකුත් කළ නිවේදනය ගැන දීර්ඝ ලෙස කරුණු විස්තර කරන ඔවුන් තම ලිපිය මගින් එම චෝදනා හුදු ජනප්‍රිය දේශපාලනික හැසිරීමක් මිස කිසිසේත් වෘත්තීයභාවයකින් මෙරට ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමේ පරම පවිත්‍ර චේතනාවෙන් යුතුව කරන ලද්දක් නොවන බව ද සඳහන් කර තිබේ.

ඔවුන් එම චෝදනා පිළිබඳව ලිපිය මගින් දීර්ඝ ලෙස කරුණු පහදා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment