ජෝර්දානයෙන් ගාසා තීරයේ රෝහලකට පැරෂුට් ආධාර

144

ඊශ්‍රායල හමුදාවන් හා හමාස් අන්තවාදීන් අතර ගාසා තීරයේ පවතින සටන් හේතුවෙන් සැපයුම් සීමා වී ඇති එම තීරයේ තිබෙන ජෝර්දානය විසින් අරඹා ඇති රෝහලකට අවශ්‍ය වෛද්‍ය ආධාර පැරෂූටයක් මාර්ගයෙන් බිම හෙලීමට ජෝර්දාන ගුවන් හමුදාව විසින් ඊයේ (06දා) පියවර ගෙන තිබේ. ජෝර්දාන රාජකීය ගුවන් සේවයට අයත් ගුවන් හමුදා නිලධාරීන් විසින් ඊශ්‍රායල හමුදාවන්ගේ සම්බන්ධීකරණය යටතේ ගාසා තීරයේ තිබෙන ජෝර්දාන ක්ෂේත්‍ර රෝහලට වෛද්‍ය ආධාර ගුවනින් හෙලූ බව ජෝර්දානයේ දෙවැනි අබ්දුල්ලා රජු පවසා තිබේ.

ඊශ්‍රායල හමුදාවන් හා හමාස් අන්තවාදීන් අතර ගාසා තීරයේ සටන් ඇවිලීමෙන් පසු ගුවනින් රෝහලකට වෛද්‍ය ආධාර සැපයූ ප්‍රථම අවස්ථාව මෙය සේ සැළකේ. මේ අතර ගාසා තීරයේ තිබෙන හමාස් සංවිධානය විසින් පාලනය කරන පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව ඊශ්‍රායල හමුදාවන් විසින් එල්ල කරන ප්‍රහාරවලින් ඊයේ (06දා) විට ගාසා තීරයේ වැසියන් 9770 දෙනකුට අධික පිරිසක් මියගොස් තිබූ අතර ඊශ්‍රායල ජාතිකයන් 1400ක් දෙනා මියගොස් තිබේ. හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපකරුවන් වශයෙන් 240 දෙනකු රඳවාගෙන සිටින බවද වාර්තා වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment