සදුදා එනවා: හවස උද්ඝෝෂණ…. පහසුකම් නොදුන්නොත් ඔන්ලයින් වර්ජනය දිගටම…..

187

‘දරුවන්ට උගන්වන්න 25 වැනිදා අපි පාසල් එනවා’ පාසල් වෙලාවෙන් පස්සෙ පස්වරු 2.00ට රටපුරා උද්ඝෝෂණ මාලාවක් පවත්වනවා’’ යැයි ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලිං මහතා ‘දිවයින ට ඊයේ (22 දා) පැවසීය.

ගුරු – විදුහල්පති වැටුප් විෂමතාවයට එරෙහිව ඔක්තෝබර් 21 වැනිදා හා 22 වැනිදා ගුරුවරුන් පාසල්වලට වාර්තා නොකර ක‍්‍රියාත්මක කළ වැඩ වර්ජනය සියයට 98ක්ම සාර්ථක බව ද හෙතෙම කීය.

මෙහිදී තවදුරටත් කතාකළ ජෝශප් ස්ටාලින් මහතා මෙසේද කියා සිටියේය.

‘‘අපි 25 වැනිදා දරුවන්ට ඉගැන්වීමේ කටයුතු කරන්න එනවා. හැබැයි සවස 2.00 ඉඳලා රටපුරා පාසල් ඉදිරිපිට සහ දිවයිනේ ප‍්‍රධාන නගරවල උද්ඝෝෂණ මාලාවක් ක‍්‍රියාත්මක කරනවා.

අපි කියන්නේ වැටුප් වාර්තා එකවර සම්පූර්ණයෙන්ම ලබාදෙන්න කියලයි. අපි ඔන්ලයින් වර්ජනය දිගටම කරගෙන යනවා. ඔන්ලයින් අධ්‍යාපනය කරගෙන යන්න පහසුකම් ලබාදෙන්න කියලයි අපි කියන්නේ. දැනට ඔන්ලයින් පහසුකම් තිබෙන්නේ දරුවන්ගෙන් සියයට හතළිහකට විතරයි. සමස්ත දරුවන්ටත් ගුරුවරුන්ටත් ඔන්ලයින් පහසුකම් දෙනතුරු ඔන්ලයින් උගන්වන්නේ නෑ.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්
 

advertistmentadvertistment
advertistmentadvertistment