ප‍්‍රසිද්ධ ස්ථානවලට ඇතුළුවීමට ලබන 1 දා සිට කොවිඞ් එන්නත්  කාඞ්පත අනිවාර්යයි

232

එළැඹෙන අලූත් අවුරුදු සමය හේතුවෙන් අපේ‍්‍රල් 01 වැනිදා සිට ප‍්‍රසිද්ධ ස්ථානවලට ඇතුළුවීමට කොවිඞ් එන්නත් මාත‍්‍රා තුනම ලබාගෙන ඇති බව සඳහන් කොවිඞ් එන්නත් කාඞ්පත අනිවාර්ය බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛi ජී. විජේසූරිය මහතා ‘දිවයින’ ට ඊයේ (20 වැනිදා) පැවසීය.

කොවිඞ් එන්නත් කාඞ්පත පරීක්‍ෂා කර බැලීමට පොලිසියේ සහ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සහාය ලබා ගන්නා බව ද හෙතෙම කීය.

මෙහිදී තවදුරටත් කතා කළ සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා මෙසේද කියා සිටියේය.

කොවිඞ් රැුලි ආයමත් මතුවෙමින් තිබෙනවා. මේ වෙනකොට බොහෝ රටවල යළිත් විවිධ කොවිඞ් ප‍්‍රභේද පැතිරෙනවා. මේ තත්ත්වය අපේ රටටත් බලපාන්න පුළුවන්. සමහර අය එන්නත් මාත‍්‍රා තුනම අරගෙන නැති බව වාර්තා වෙනවා. අවුරුදු සමයත් ළඟ එනවා. මේ නිසා බොහෝ දෙනා සාප්පු, අවුරුදු පොළවල් සහ ප‍්‍රසිද්ධ තැන්වලට එනවා. මේ තත්ත්වය නිසා ජනතාව එන්නත් මාත‍්‍රා තුනම අරගෙන ද කියලා සොයා බලන්න අපේ‍්‍රල් 01 වැනිදා සිට පොලිසියේ හා පී.එච්.අයි. මහත්වරුන්ගේ සහාය ලබා ගන්නවා.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්
 

advertistmentadvertistment
advertistmentadvertistment