බොලිවුඩය හැඩ කළ ශිල්පියෙක් සමු ගනී

944

හින්දි සිනමාවේ බිහිවූ සුපිරි නිර්මාණ රැසක් හැඩකළ සුපිරි නිර්මාණකරුවෙකු වූ නිතින් දේසායි මියගොස් ඇත.ඔහු ප්‍රවීණ කලා අධ්‍යක්ෂවරයෙකි.මියයන විට ඔහු 57 හැවිරිදි වියේ පසුවිය.මුම්බායි හි කර්ජාට් හි පිහිටි ඔහුගේ ආයතනයේ තිබී ඔහුගේ මෘත දේහය සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.ඔහු සිය දීවි හානිකරගෙන මියගොස් ඇති බවට සැක කරයි.බොලිවුඩයේ අතිශය ජනප්‍රිය නිර්මාණ රැසක් ඔහු විසින් කලා අධ්‍යක්ෂණයෙන් හැඩකර තිබීම විශේෂත්වයකි.ඒ අතර ලෝකයම වැළඳගත් සුපිරි නිර්මාණ ලෙස Hum Dil De Chuke Sanam, Devdas, Jodha Akbar, Lagaan, Once Upon a Time in Mumbai හැඳින්විය හැකිය.ඔහු සිව් වතාවක් හොඳම කලා අධ්‍යක්ෂණයට හිමි එරට ප්‍රමුඛතම සම්මානයක් වන ජාතික සම්මානයෙන් පිදුම් ලබා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment