මඟ හැරුණු කාලය ආවරණය කිරීමට අගෝස්තු – දෙසැම්බර් පාසල් නිවාඩුව කෙටි කරනවා – ඇමැති සුසිල් ප්‍රේමජයන්ත

137

පාසල් නොපැවැත්වීමෙන් සිසුන්ට මඟ හැරුණු දින ගණන ආවරණය කිරීමට එළඹෙන අගෝස්තු හා දෙසැම්බර් පාසල් නිවාඩුව කෙටි කරන බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කරයි.

 ඉන්ධන අර්බුදය හේතුවෙන් දින කිහිපයකට පාසල් වැසුණු බව ද එමගින් සිසුන්ට කිසිදු පාඩුවක් නොවන පරිදි පාසල් නිවාඩුව කෙටිකර මේ වසරට නියමිත කාලච්ඡේද සංඛ්‍යාව සම්පූර්ණ කෙරෙන බව ද ඇමැතිවරයා පැවසීය.

 ප්‍රාථමික අංශයේ සියලු ගුරුවරුන්ට ජුලි මාසය වනවිට පුහුණු සැසි පැවැත්වීමටත් උසස් පෙළ ගුරුවරුන්ට විශ්වවිද්‍යාල පද්ධති ඔස්සේ සැසි පවත්වා එමගින් දරුවන්ට පුනරීක්ෂණ ප්‍රශ්නෝත්තර වැඩසටහන් හා පාසල්වල අතිරේක වැඩසටහන් මේ වනවිට සකසමින් සිටින බවත් හෙතෙම කියා සිටියේය.

 මේ සියලු අධ්‍යාපන වැඩසටහන් අගෝස්තු, සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවල සිදුවනු ඇතැයි පැවසූ ඇමැති සුසිල් ප්‍රේමජයන්ත් මහතා පළාත් සියල්ලෙහිම අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් මගින් සියලු තොරතුරු දිනපතා ලබා ගන්නා බව ද සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment