යුක්තියේ දින 6 ට 10,456 ක් මාට්ටු

205

මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය මුළුමනින්ම පාලනය කිරීම සඳහා ආරම්භ කළ යුක්තිය මෙහෙයුම යටතේ දින 06 ක කාලසීමාවක් තුළදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඇතුළු විවිධ අපරාධවලට සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ සංඛ්‍යාව 10,456ක් බව පොලිස් මූලස්ථානය සඳහන් කර සිටී.

මෙහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් 517 දෙනකු රඳවා තබා ගැනීමේ නියෝග මත තබාගෙන ප්‍රශ්න කරගෙන යයි. මෙහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් 106 දෙනකු සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන ආරම්භ කර ඇත. එමෙන්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් 886 දෙනකු පුනරුත්ථාපන මධ්‍යස්ථානවලට යොමුකර තිබේ.

මත්ද්‍රව්‍ය නාශක අංශයේ ලැයිස්තුගත අපරාධකරුවන් 4665 දෙනා අතුරින් මේ වන විට ජාවාරම්කරුවන් 885 දෙනකු අත්අඩංගුවට ගෙන සිටින බව පොලිස් ආරංචිමාර්ග කියා සිටී. ඉකුත් 17 වැනිදා සිට 22 වැනිදා දක්වා දින 06 තිස්සේ රටපුරා කළ වැටලීම්වලින් හෙරොයින් කිලෝග්‍රෑම් 7 ක්, අයිස් කිලෝ 3 ක්, ගංජා කිලෝ 227ක්, මාවා කිලෝ 105 ක්, ඈෂ් කිලෝ 35 ක්, කූල් කිලෝ 03 ක්, මත්පෙති 44267 ක් අත්අඩංගුවට ගෙන තිබේ. නීතිය හා සාමය පිළිබඳ ඇමැති ටිරාන් අලස් මහතාගේ සහ වැඩබලන පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ මෙම යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මක වෙයි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment