මගේ චූටි දූ කොරෝනා මාරයා බිලි ගත්තා… – දැඩි සත්කාර ඒකකයේ හිටිය මගේ දරුවා බලන්න යන්නත් මට බැරිවුණා

341

* නවෝද්‍යාගේ මව හඬමින් කියයි

* මගේ දරුවට වෙච්ච දේ  කිසිම දරුවකුට වෙන්න එපා

මම කියන්නේ මගේ දරුවාට වෙච්ච දේ , මේ ලෝකෙ ඉන්න කිසිම දරුවකුට වෙන්න එපා. කොරෝනාවට ජයගන්න දෙන්න එපා. ඒ දෙවිවරු වගේ ඉන්න වෛද්‍යවරු මගේ දුවගේ ජීවිතේ බේරාගන්නා ගොඩාක් උත්සාහ ගත්තා. ඒත් කොරෝනා මාරයා මගේ චූටි දූ බිලි ගත්තා දෙයියනේ. කොරෝනා වෛරසය ආසාධිත මියගිය නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයේ හත්වැනි වසරේ ඉගෙනුම ලැබූ නාවල රාජගිරිය ගල්පොත්ත පාරේ පදිංචිව සිටි අභිමානී නවෝද්‍යා සේරසුන්දර 12 හැවිරිදි දැරියගේ මව වන ශිරෝමා හේරත් (48) මහත්මිය දරු දුක වාවාගත නොහැකිව අන්තඅසරණව සිටියත් තම දරුවන් ඇස් දෙකට වඩා ආරක්ෂාකාරීව රැකබලා ගන්නා ලෙස පවසමින් මේ ලෝකයේ වෙසෙන අනිකුත් අම්මලාට පණිවිඩයක් ලබාදීමට කටයුතු කළාය.

මගේ චූටි දූ කොරෝනා මාරයා බිලි ගත්තා... - දැඩි සත්කාර ඒකකයේ හිටිය  මගේ දරුවා බලන්න යන්නත් මට බැරිවුණා

ඉතා ආයාසයෙන් සිය කටහඬ අවදි කළ දැරියගේ මව වන ශිරෝමා මහත්මිය මෙසේද පැවසුවාය. මිය ගිහිල්ලා තියෙන්නේ මගේ දෙවැනි දරුවා. දරුවාට ගිය සතියේ කොන්දේ කැක්කුමක් හා හුස්ම ගැනීමේ අපහසුතාවයකින් ඇතිවුණා. මම ප‍්‍රතිකාර ලබා දුන්නත් මට තේරුණා දරුවාට හුස්ම ගන්න අපහසුතාවක් ඇති බව, එයාගේන් මම ඇහුවා ඇයි බබා කියලා. එයත් කිව්වා අම්මේ මට හුස්ම ගන්න අමාරුයි කියලා ඒත් බබා කතා කළා. මම දුවව රිජ්වේ ආර්යා ළමා රෝහලට අරගෙන ගියා. මා කීවා ඩොක්ටර් බබාට හුස්ම ගන්න අමාරුයි කියලා. බබාට රැුපිඞ් ඇන්ටිජන් පරීක්ෂණයක් කළා. ඒ මොහොතේදීම ඒකෙන් කිව්වා බබාට පොසිටිව් කියලා. එයාට ඔක්සිජන් තත්වෙත් අඩුයි කියලා කිව්වා. ඒ වෛද්‍යවරු එතනදීම බබාට ප‍්‍රතිකාර කළා. ඔක්සිජන් දුන්නා ලේ ගත්තා.

බබාට හුස්ම ගන්න අපහසුයි අම්මා… අපි බබාට කටින් බටයක් දානවා කියලා වෛද්‍යවරුන් මට කිව්වා. එයාගෙ කටින් බටයක් දැම්මා. ටික වෙලාවකින් බබාගේ

හෘද ස්පන්දනය නතර වුණා. මම බැලූවා අනේ මගේ දුවට මොකක්ද වුනේ කියලා. ඒ එක්කම ඒ වෛද්‍යවරු මගේ දරුවාගේ ඇඟ උඩ නැගලා දරුවාගේ හුස්ම පොද ආපහු ගත්තා. එහෙත් ඒ වෛද්‍යවරු මට කිව්වා අම්මා බබා අවදානම්, බබාට නියුමෝනියා තත්වෙ ඇවිල්ල තියෙනව කොරෝනා එක්ක කියලා කිව්වා. එදා මගෙ දරුවව දැඩි සත්කාර ඒකකයට ඇතුල් කළා. මම දරුවාව එදා විතරයි අවසන් වරට දැක්කේ. දවස් අටක් එයා දැඩි සත්කාර ඒකකයේ හිටියා. මට මගේ දරුවා බලන්න යන්නත් බැරි වුණා. අපිව නිරෝධාන කළ නිසා. මම වෛද්‍යවරුගෙන් මගේ දරුවා ගැන හැමදාම වගේ කතා කරලා ඇහුවා.

එතකොට ඒ වෛද්‍යවරු කිව්වා… අම්මා අපි කොහොම හරි බබාව ගොඩ දාන්න උත්සාහ කරනවා අම්මා එන්න එපා කියලා.

ඒත් මගේ දරුවා කොරෝනා මාරයා බිලි ගත්තා දෙවියනේ… මට මේ දැනුම දැනුණ වේදනාව මේ ලෝකේ කිසිම අම්මා කෙනකුට වෙන්න එපා.

කැස්බෑව – ජයසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment