මට හොරා කිව්ව විජිතට නඩු දානවා -කෝප් සභාපති රෝහිත අබේගුණවර්ධන

101

උසාවි යනවා නම් අපටත් සතුටුයි -විජිත

තමා සොරකු බව කියමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා කළ ප්‍රකාශයට එරෙහිව අධිකරණ ක්‍රියා මාර්ග ගන්නා බව කෝප් කමිටුවේ නව සභාපති රෝහිත අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා එසේ ප්‍රකාශ කළේ කළුතරදී පැවැති මාධ්‍ය හමුවකදීය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.

ඉකුත් 14 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් ජාත්‍යන්ත මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමග ඔවුන් සාකච්ඡා කළ බවත්, එහිදී කෝප් කමිටුවේ වර්තමාන සභාපතිවරයා වන මා දූෂණ චෝදනාවලට මෙන්ම විවිධ චෝදනාවලට ලක්වූ අයකු බවත් කියා සිටියා.

මේ වන විට මට කිසිදු අධිකරණයක නඩුවක් හෝ චෝදනාවක් නැහැ. විජිත හේරත් මහතාට මෙම ප්‍රකාශය පිළිබඳව එන්තරවාසියක් යැවීමට කටයුතු කරනවා. ඉන්පසු අධිකරණ ක්‍රියා මාර්ග ගන්නවා.

ජනතා විමුක්ති පෙරමුණ දිගින් දිගටම මෙවැනි ප්‍රකාශ කරනුයේ ඊර්ෂ්‍යාව නිසයි. කෙනෙකුට චෝදනාවක් කරන විට ඒ පිළිබඳව යම් අවබෝධයකින් කටයුතු කළ යුතුයි.

කෝප් කමිටුවේ සභාපති ධුරය විපක්ෂයට අයිති එකක් බවට ඔවුන් ගෙන එන තර්කය වැරදියි. ඉතිහාසයේ අවස්ථා කීපයකදීම ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් මෙම තනතුර හොබවා තිබෙනවා යැයි ිද ඒ මහතා කීය.
කළුතර විශේෂ – එස්. ආරච්චිගේ

උසාවි යනවා නම් අපටත් සතුටුයි -විජිත

මට හොරා කිව්ව විජිතට නඩු දානවා -කෝප් සභාපති රෝහිත අබේගුණවර්ධන

රෝහිත අබේගුණවර්ධන මහතා තමාට එරෙහිව අධිකරණ ක්‍රියා මාර්ග ගන්නේ නම් තමා සතුටු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවැසීය.

ජාතික ජන බලවේගය රැස්වීමකදී ඔහු එසේ කියා සිටියේය.

“අප හොරාට හොරා යැයි කීමට බියවන්නේ නැහැ” යැයි ද හෙතෙම කීය. මම හොරා කිව්වා කියලා රෝහිත අබේගුණවර්ධන උසාවි යනවලු ඒක ඉතාම හොඳයි. එතකොට අපට පුළුවන් වෙනවා මොහුට මොන පදනමකින් ද අප එහෙම කිව්වේ කියා අධිකරණයට කරුණු කියන්න. ඒක හොඳ තත්ත්වයක් යැයි ද හෙතෙම කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment