දුම්රිය ඉඩම් හෙක්ටයාර 5739.8ක් තිබුණත් ලැබෙන ආදායම මදි – ඇමැති බන්දුල කියයි

76

දුම්රිය දෙපාර්තමේන්තුව සතුව ඉඩම් හෙක්ටයාර 5739.8ක් පැවතියද ඒ පිළිබඳව ඉඩම් ලේඛනයක් පවත්වාගෙන නොයන බව ප්‍රවාහන ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (03දා) පැවසීය.

එම ඉඩම්වලින් අක්කර 1500 ක් බදු දී ඇති අතර ඉන් පසුගිය වසරේදී (2022) උපයා ඇති ආදායම මිලියන 182ක් බවත් එය කෙසේවත් ප්‍රමාණවත් නොවන බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී සමන්ප්‍රිය හේරත් මහතා (ශ්‍රී ල.පො.පෙ) විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කීය.

දුම්රිය දෙපාර්තමේන්තුවට මෙතරම් විශාල වශයෙන් ඉඩම් ප්‍රමාණයක් පැවතියද එමගින් ලැබෙන ආදායම කිසි ලෙසකින් ප්‍රමාණවත් නොවන බැවින් ඒ සම්බන්ධයෙන් ජාතික වැඩ පිළිවෙළක් අවශ්‍ය බව ද හෙතෙම කියා සිටියේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment