දස්කම් වියපත් නොවන නන්දනී

307

පිලිපීනයේ පැවති 22 වන ආසියාතික ප්‍රවීණයන්ගේ මළල ක්‍රීඩා තරගාවලියේදී මීටර් 300 කඩුලු පැනීමේ තරගයෙන් 3 වන ස්ථානයද, මීටර් 400 සහාය දිවීමේ තරගයෙන් ප්‍රථම ස්ථානයද දිනා ශ්‍රී ලංකාවට රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් අත්කර දීමට නන්දනී අතාවුද සමත්වී ඇත.

වරාය අධිකාරියේ කළමනාකාර සහකාරියක ලෙස කටයුතු කරන නන්දනී මේ වන විට විවිධ තරග ඉසව්වලට සහභාගිවෙමින් ජයග්‍රහණ රැසක් අත්කර ගෙන ඇත. චීනයේ රුගාඩ් නගරයේ පැවති 20 වැනි ආසියාතික ප්‍රවීණයන්ගේ මළල ක්‍රීඩා උළෙලේදී 400 සහය දිවීම තරගයෙන් රන් පදක්කම් දිනා ගැනීමට සමත්වී ඇති අතර එම වාර්තාව මේ වන විටත් කිසිවෙකුත් බිඳ හෙළීමට සමත්වි නැත.

තවද ඇය 2023 වසරේ ජනසතු සේවා තරගාවලියේ මීටර් 400, මීටර් 800, මීටර් 1500 යන තරග අංශ තුනෙන්ම ප්‍රථම ස්ථානය ලබාගනිමින් ජනසතු සේවා වර්ණ ප්‍රදාන උළෙලේදී විශේෂ සම්මානයකටද පාත්‍ර වූවාය. ඇයගේ අඩි පාරේ යමින් ඇයගේ තුන් නිවුන් දරුවන් වන එම්. එම්. රනුනි සෙනංගා, දිනුග සෙන්හස් සහ මනුග සෙන්මිත් ද ක්‍රීඩා කෞෂල්‍යය විදහා දක්වමින් මේ වන විටද ජයග්‍රහණ රැසක් අත්කර දෙමින් ක්‍රීඩා දිවියට අවතීර්ණ වී සිටිති.

නන්දනීගේ ස්වාමිපුරුෂයා වන්නේ ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කළ හිටපු ධාවන ශූරයකු වන එම්.එම්. පියදාස මතාය.

මීරිගම ඩී. එස්. සේනානායක මධ්‍ය මහා විiාලයෙන් අධ්‍යාපනය හදාරා ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බල ඇණියට සම්බන්ධ වෙමින් නන්දනී සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළාය. එහිදී ද සිය ක්‍රීඩා දස්කම් යුද හමුදාවේදී ද ඔසවා තබන්නට සමත් වූ ඇය ක්‍රීඩා පුහුණුකාරිණියක ලෙසින් වසර පහක සේවා කාලයක නිරත වූ අතර ඉන් අනතුරුව ශ්‍රී ලංකා වරාය අධිකාරියට එක්වෙමින් ක්‍රීඩාව තුළ ජාතික මෙන්ම ජාත්‍යන්තරවද නොමැකෙන මතක සටහන් තැබීමට සමත් වූවාය.
ඡායාරූප සටහන – සුජාතා ජයරත්න

advertistmentadvertistment
advertistmentadvertistment