කොටස් වෙළෙඳපොළ වර්ධනය වෙයි

82

කොළඹ කොටස් වෙළෙඳපොළේ සමස්ත මිල දර්ශකය ඊයේ (31) ඒකක 9071.32 දක්වා ඒකක 205.92 කින් සැලකිය යුතු ලෙස ඉහළ ගියේය.

කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අවසානයේදී පෙරේදා (30) සමස්ත මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8865.40 ක් ලෙසය.

එසේම කොළඹ කොටස් වෙළෙඳපොළේ එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 මිල දර්ශකය ද පෙරේදා (30) පැවති ඒකක 2862.75 සිට ඊයේ (31) දිනයේදී ඒකක 2928.97 දක්වා ඒකක 66.22 කින් වර්ධනය වී ඇත. කොටස් වෙළෙඳපොළේ සිදු වූ ගනුදෙනු ප්‍රමාණය ද පෙරේදා පැවති 26310 සිට ඊයේ දිනයේදී 33553 ක් දක්වා ඉහළ ගොස් ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment