එයාලා ඔහේ ගියාවේ…  අපේ ගමන අපි යනවා  අපේ පාඩුවේ – ඇමැති ප්‍රසන්න රණතුංග

178

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ඇතුළු මන්ත්‍රීවරුන් 13 දෙනකු පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන්  ගැනීම පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ බහුතරයට බලපෑමක් නැතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

එම පිරිස මීට පෙර සිටම ස්වාධීනව පාර්ලිමේන්තුවේ කටයුතු කළ බවත්, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස පත්කර ගැනීමේ ඡන්ද විමසීමේදී ද එයට එරෙහි මතයකට සිටියත් ඉන් බලපෑමක් ඇති නොවූ බවත් ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

රටේ ඇති වී තිබෙන ගැටලුවලට රජය විසඳුම් ලබාදීමට උත්සාහ කරන අවස්ථාවක එයට සහාය නොදී කටයුතු කිරීමෙන් සිදුකරන්නේ ජනතා අපේක්ෂා කඩාකප්පල් කිරීමට ද යන්න සැකයක් මතුවන බව ද ඒ මහතා කීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment