ඉන්දියාවට සහ පකිස්තානයට දඩ

270

නියමිත කාලය තුළ පන්දුවාර විස්ස සම්පූර්ණ කිරීමට අපොහොසත් වීම මත ඉන්දියාව සහ පකිස්ථානයට තරග ගාස්තුවෙන් 40% ක දඩයක් නියම කිරීමට තරග තීරක ජෙෆ් ක්‍රෝ කටයුතු කර ඇත.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ පසුගිය 28 වැනිදා දෙරට අතර පැවැති තරගයේදී කණ්ඩායම් දෙකටම අදාළ වරදට අනුව මෙසේ දඩ ගෙවීමට සිදු වී ඇත.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තරග නීතිරීති අනුව නියමිත කාලයට වඩා ප්‍රමාද වන එක් පන්දු වාරයක් සඳහා තරග ගාස්තුවෙන් සියයට 20 බැගින් දඩ ගෙවීමට සිදු වේ.

අදාළ තරගයේදී කණ්ඩායම් දෙකම පන්දු වාර දෙකක ප්‍රමාදයක් පෙන්නුම් කිරීම මත ඔවුන්ට සියයට 40ක දඩ මුදලක් බැගින් නියම කර තිබෙන අතර කණ්ඩායම් දෙකේ නායකයන් දෙදෙනා තම වරද පිළිගෙන ඇත.

කුෂාන් සුබසිංහ ඩුබායි සිට

advertistmentadvertistment
advertistmentadvertistment