කටුනායක වීසා පලහිලව්ව අතයට ගනුදෙනුවක්ද?

258

කටුනායක ගුවන්තොටුපළේ වීසා නිකුත් කිරීම ‘වී.එෆ්.එස්.’ නමැති ඉන්දියානු සමාගමකට පවරා දීම මඟින් ශ්‍රී ලංකා රජයට ඩොලර් ආදායම පාඩු කිරීම සහ එම ගනුදෙනුවෙන් ප්‍රබල පුද්ගලයන්ට අල්ලස් මුදල් ලැබී තිබේදැයි පරීක්ෂණයක් ඉල්ලා ‘අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය’ ඊයේ (06දා) අල්ලස් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

2012 වර්ෂයේ සිට ඔන්ලයින් වීසා පහසුකම් ලබාදීම ආගමන විගමන දෙපාර්තමේන්තුව මඟින් සිදුකළත්, අදාළ ඉන්දියානු සමාගම මඟින් ඩොලර් 25ක් වැඩිපුර අය කිරීම නිසා සංචාරක පැමිණීම අඩුවී රටට ලැබිය යුතු ඩොලර් ආදායම අඩුවීමේ තර්ජනයක් ඇතැයි එම සංවිධානය සිය පැමිණිල්ලෙන් පෙන්වා දෙයි.

එමෙන්ම ඉන්දියානු සමාගමකට මෙම වීසා ලබාදීම පැවරීමෙන් බලවත් පුද්ගලයන්ට අල්ලස් දීමක් සිදුවිය හැකි බැවින් ඒ පිළිබඳව විමර්ශන සිදුකර අදාළ පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක කර දඬුවම් ලබාදෙන ලෙස ද එම පැමිණිල්ල මඟින් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

‘අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය’ සංවිධානයේ සභාපති ජාමුනි කමන්ත තුෂාර මහතා ඇතුළු පිරිසක් මෙම පැමිණිල්ල ඉදිරිපත් කළහ.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment