අවුරුදු දෙකේ සිඟිත්තිය වතුර ටැංකියකට වැටී ජීව්තක්ෂයට

746

මොනරාගල කුමාරවත්ත වතුයායේ පදිංචි අවුරුදු 02 පමණ වයසැති සිඟිත්තියක් ඉකුත්දා (06) වතුර ටැංකියකට වැටී මියගොස් ඇතැයි මොනරාගල පොලීසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ මොනරාගල කුමාරවත්ත පදිංචි එම්.මලින්ශා සත්නදී (අවුරුදු 01 මාස 11) වයසැති සිඟිත්තියකි.

ඇයගේ මව නිවසේ සිටියදී සිඟිත්තිය අසල්වැසි නිවසක දරුවන් කිහිපදෙනෙකු සමඟ සෙල්ලම් කරමින් සිට ඇත. ඇය නිවසට ආපසු නොපැමිණීම නිසා සොයා බැලීමේදී අසල පේළි නිවාසයක් අසල පිහිටි වතුර ටැංකියකට සිඟිත්තිය වැටී සිටිනු දැක වහාම ඇයව මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට රැගෙන ගොස් ඇතත් ඒ වන විටත් මියගොස් ඇති බව හෙළිවී තිබේ. මොනරාගල පොලීසිය පරීක්ෂණ පවත්වයි.

බඩල්කුඹුර රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment