එකතැන පල්වෙන ආණ්ඩුව පලවා හැරීමට සියලුදෙනා එක්විය යුතුයි – ජී. එල්. පීරිස්

42

නිදහස් සෞඛ්‍යය මේ වන විට නාමමාත්‍රයක් බවට පත්ව ඇතැයි නිදහස ජනතා සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ඊයේ (31 දා) පැවසීය.

වෛද්‍යවරුන් රට හැරයෑමෙන් රෝහල් වැසී යෑමේ තත්ත්වයක් ඇති බවත් නිදහස ජනතා සභා කාර්යාලයේ ඊයේ (31 දා) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ජී. එල්. පීරිස් මහතා කියා සිටියේය. රෝහල්වල ඖෂධ හිඟය නිසා රෝගීන්ගේ ජීවිත අවදානමකට ලක්ව ඇති බවත්, මළමිනී උඩින් වුවත් සාක්කු පුරවා ගැනීමේ ක්‍රියාවලියක් ඇති බවට විගණකාධිපති වාර්තාවලින් මනාව හෙළිවන බවත් ඒ මහතා කීය. තිස්අවුරුදු යුද සමයේවත් සෞඛ්‍ය සේවාව මෙවැනි කඩාවැටීමකට පත් නොවූ බව ද රජයේ රෝහල්වල ක්‍රියා පිළිවෙත පිළිබඳ මහජනතාව තුළ සැකයක් මතුවී ඇති අතර එය විශ්වසනීයභාවය පිළිබඳ ගැටලුවක් බව ද මන්ත්‍රීවරයා පැවසීය.

ඊළඟ ජනාධිපතිවරණයට ඇත්තේ හරියටම වසරක කාලයක් බවත් රජයේ අස්වැසුම යනු ප්‍රෝඩාවක් බවත් පැවසූ ජී. එල්. පීරිස් මහතා එය කිසිදු විනිවිදභාවයකින් තොර බවත් එම නිසා එක තැන පල්වෙන ආණ්ඩුව පලවා හැරීමට සියලුදෙනා පෙළගැසිය යුතු බවත් කියා සිටියේය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment