තුන්වන වාරිකයට පෙර වංචා දූෂණ ප්‍රබල පනතක් සම්මත කළ යුතු බව අයිඑම්එෆ් දැනුම් දීලා

66

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජී. එල්. පීරිස්
ඉහ වහා ගිය වංචා දූෂණ නිසා IMF ගිවිසුම ක්‍රියාත්මක කිරීමට නොහැකි වෙලා

IMF තුන්වන වාරිකය වන ඇමෙරිකානු ඩොලර් 337ක් ලබාගැනීමට පෙර වංචා දූෂණ වැළැක්වීම සඳහා පාර්ලිමේන්තුවෙන් ප්‍රබල පනතක් සම්මත කළ යුතු බව ඔවුන් දැනුම් දී ඇතැයි දැන ගන්නට ඇතැයි මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ඊයේ (22දා) මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවැසීය.

සමස්ත ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 27ක් වන අතර මෙයින් ඇමරිකානු ඩොලර් බිලියන 13ක් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හා ප්‍රාථමික බැඳුම්කර වන නමුත් මේවා සම්බන්ධ කිසිදු එකඟතාවක් මේ වනතුරු ලබා නැති බවත් ප්‍රශස්තිකරණය හා ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ නාමයෙන් මෙතෙක් දුරට කොට ඇත්තේ දේශීය ණය පියවා ගැනීම සඳහා සේවක අර්ථසාධක අරමුදල හා සේවක භාරකාර අරමුදල ආක්‍රමණය කිරීම පමණක් බවත් ඔහු කීය.

දේශීය ණය සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගන්නා බව රජය දිගින් දිගට ප්‍රකාශ කළ නමුත් එය සම්පූර්ණ අසත්‍යයක් බවත් විදේශීය පුද්ගලික ණය හිමිකරුවන් සමග අප්‍රේල් මාසයට පෙර එකඟතාවයකට පැමිණෙන බව රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ප්‍රතිඥා දී ඇති නමුත් එය කිරීමට නොහැකි වූ බවත් එයට හේතුව මහා පරිමාණ වංචා දූෂණ මෙම රජය ජනතාව රවටන ගමන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලබාදුන් පොරොන්දු පවා කඩ කරමින් සිටින බවත් හෙතෙම කීය.

ඉහ වහා ගිය වංචා – දූෂණ නිසා IMF ගිවිසුම ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇති බවද පීරිස් මහතා කීවේය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment