ජාත්‍යන්තර ක්‍රීඩා තරගවලින් එකම පවුලේ තිදෙනෙක් ජය ලබති

453

ක්‍රීඩා ක්‍ෂේත්‍රය තුළින් ජාතික මට්ටමේ සහ ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා තරග වලින් ජයගෙන ලක්මවට ආඩම්බරයක් ගෙන දුන් එකම පවුලේ සහෝදර සහෝදරියන් තිදෙනෙක් මාතර මාකඳුරෙන් බිහිවී සිටිති. සිරිපාල හල්පගේ සමන්තිලක හල්පගේ සහ තඹරලතා හල්පගේ යන සහෝදර සහෝදරියන් තිදෙනා ක්‍රීඩකයන් ලෙස පමණක් නොව ක්‍රීඩා පුහුණුකරුවන් ලෙස කටයුතු කරමින් රටට දක්‍ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සියයකට අධික සංඛ්‍යාවක් දායාද කරමින් අපේ රටේ ක්‍රීඩා ක්‍ෂේත්‍රය වෙනුවෙන් අමිල මෙහෙවරක් කරමින් සිටිති.

වර්තමානයේ මෙන් ක්‍රීඩාංගණ පුහුණුකරුවන් නොමැති 70 දශකයේ අග භාගයේ ගල් බොරළු සහ මඩ කඩිතිවලින් යුතු ගමේ පාරවල් දිගේ දුවමින් ස්වෝත්සාහයෙන් පුහුණුවීම් කර ක්‍රීඩා තරගවලින් ජයග්‍රහණය කරමින් ක්‍රීඩා ක්‍ෂේත්‍රයට ඔවුන් ලබාදී තිබෙන දායකත්වය අනභිබවනීය වේ.

පී. එල්. ජයවර්ධන – කඹුරුපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment