අර්ජුන පාර්ලිමේන්තු ආවොත් මගේ ඇමැතිකම දෙනවා – ක්‍රීඩා ඇමැති

276

අර්ජුන රණතුංග මහතා කුමන පක්‍ෂයක ජාතික ලැයිස්තුවෙන් හෝ පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ නම් තම ඇමැති ධුරය ඒ මහතාට ලබාදීමට සූදානම් බව ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා පැවසීය.

පාර්ලිමේන්තුවට පත්වුවද අර්ජුන රණතුංග මහතාට කිසිවකු ක්‍රීඩා ඇමැති ධුරය ලබා නොදුන් බවත්, තමා සුදුස්සාට සුදුසු තැන ලබාදුන් බැවින් සිය ඇමැති බලතල අනුව ඒ මහතාට අතුරු කමිටු සභාපති තනතුර ලබාදීමට කටයුතු කළ බව ද ඇමැතිවරයා ඊයේ (07 දා) මාධ්‍යයට සඳහන් කළේය.

වත්මන් ක්‍රිකට් පරිපාලනයේ දූෂණ, වංචා නතර කිරීම මෙන්ම මහජන මුදල් අවභාවිත කරමින් පරිපාලනය සිදු කරන ‘සුදිය ගැසීම’ නතර කිරීමට පියවර ගත යුතු බවත් ඒ සඳහා ජනාධිපතිවරයා, නීතිපතිවරයා සහ පොලිස්පතිවරයා ද සහාය දුන්නොත් නම් මුළු ක්‍රිකට් කමිටුවම වසර 15 කට හිරේ යැවිය හැකි බවත් ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment