රසායනාගාර වාර්තා දෙකකින් බාල බවට තහවුරු වූ ඉන්ධන විකිණීමේ සූදානමක්?

79

කොළඹ වරාය වෙත ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් නෞකාවක් පැමිණ ඇති අතර සාම්පල පරීක්ෂාවේදී එහි ඉන්ධන නියමිත තත්ත්වයෙන් නොමැති බවට රසායනාගාර වාර්තා දෙකකින් තහවුරු කර ඇතත් ඒවා පාරිභෝගිකයන්ට ලබා දීමේ සූදානමක් ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (07දා) පාර්ලිමේන්තුවේදී කීය.

මෙම පරීක්ෂණ වාර්තාව ඉන්දීය තෙල් සමාගමේ ඉල්ලීම පරිදි සිදු කර ඇති බවත් පසුගිය 05 වැනිදා සහ 06 වැනිදා සිදුකළ වාර්තාවලින් මෙම ඉන්ධන තත්ත්වයෙන් බාල බවට නිගමනය කර ඇති බවත් හෙතෙම පැවසීය.

පසුගිය ඔක්තෝබර් 30 සිංගප්පූරුවේ සිට පිටත්වී ඇති මෙම නෞකාව නොවැම්බර් 05 දා කොළඹට පැමිණ ඇති බවත් මෙය දූෂිත ගනුදෙනුවක් බැවින් අගමැතිවරයා මූලික වී මේ පිළිබඳ පරීක්ෂණයක් පවත්වා සත්‍ය තොරතුරු අනාවරණය කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment