නැවතත් රට තුළ තරුණ කැරැල්ලක් ඇති නොවීමට වගබලා ගන්නැයි 71 පුරෝගාමීන්ගෙන් ඉල්ලීමක්

174

නැවත වරක් රට තුළ තරුණ කැරැල්ලක් හරහා ලේ වැගිරීමක් සිදු නොවීමට වගබලා ගනිමින් වගකීම් සහගත දේශපාලනයක නිරත වන්නැයි 71 පුරෝගාමී සමාජවාදී සංවිධානය ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා සිටී.

කළවැල්ලාගොඩ චන්‍දාලෝක හිමිපාණන් මාර්ගයෙන් ඉදිරිපත් කර ඇති මෙම ලිපියේ වැඩි දුරටත් සඳහන් වන්නේ 1971 කැරැල්ලට වසර 53ක් සැපිරෙන මේ මොහොතේ එම කැරැල්ලේ නිරත වූවන් ලෙස යළි කිසිදිනක එවැනි කැරැල්ලක් හා ලේ වැගිරීමක් මෙරට තුළ ඇති නොවීමට තම සංවිධානය පෙනී සිටින බවයි.

2024 ජනාධිපතිවරණ ක්‍රියාදාමය පසුබිම් කර ගෙන නැවතත් එවැනි තරුණ නැගිටීමක් සිදුවීමේ පසුබිමක් සකස් වෙමින් තිබෙන බව නිරීක්‍ෂණය වන බව පවසන එම සංවිධානය ජනතා විමුක්ති පෙරමුණේ පුරෝගාමීන් ලෙස අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා සිටින්නේ එවැනි තත්ත්වයක් වළක්වා ගැනීමට සද්භාවයෙන් ක්‍රියාකරන ලෙසයි.

71 පුරෝගාමී සංවිධානය වෙනුවෙන් එහි කැඳවුම්කරු කල්‍යාණ කරුණාරත්න මහතා මෙම නිවේදනය නිකුත් කර ඇත.

කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment