ජැෆ්නා කිංග්ස්ට මෙවර සටන කලම්බු ස්ටාර්ස් සමග

120

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට පිවිසීමට අවස්ථාව හිමිකර ගැනීමට කලම්බු ස්ටාර්ස් කණ්ඩායම සමත්විය.ඒ, කැන්ඩි ෆැල්කන්ස් සහ කලම්බු ස්ටාර්ස් කණ්ඩායම අතර ඊයේ පැවැති තරගයෙන් කලම්බු ස්ටාර්ස් කණ්ඩායම කඩුලු 6ක ජයක් වාර්තා කිරීමත් සමගය.කලම්බු ස්ටාර්ස් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් කැන්ඩි ෆැල්කන්ස් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 168ක් රැස් කළේය.ලකුණු 169ක ජයග්‍රාහි ඉලක්කය හඹාගිය කලම්බු ස්ටාර්ස් කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 5ක් තුළ කඩුලු 4ක් දැවී ජයග්‍රාහණය වාර්තා කළේයඒ අනුව මෙම තරගයෙන් ජයගත් කලම්බු ස්ටාර්ස් කණ්ඩායම ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේදී ගියවර ශූරයන් වූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමග තරග වැදීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment