මන්ත්‍රී අලි සබ්රි පක්ෂයෙන් නෙරපූ හැටි

597


රිෂාඩ් බදියුදීන් මහතා නායකත්වය දරන සමස්ත ලංකා මහජන කොංග්‍රස පක්ෂයෙන්
පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා ඉවත්කළ බව එම පක්ෂයේ සභාපති එම්.එස්.එස්. අමීර් අලි මහතා පවසයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා මෙසේ පැවසීය.

,පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා සම්බන්ධයෙන් පක්ෂයේ විනය කමිටුව මගින් කළ විමර්ශන මාලාවකින් පසුව ඔහුව පක්ෂයෙන් ඉවත් කිරීමට තීරණය කරනු ලැබුවා. වගකිව යුතු ජනතා නියෝජිතයෙක් වන අලි සබ්රි රහීම් මන්ත්‍රීවරයා නීති විරෝධී ලෙස රත්‍රං ජාවාරම් කළ සිද්ධිය අප පක්ෂයටත් ජන සමාජයටත් ඔහුව තෝරා පත් කර ගත් ජනතාවටත් සහ රටටත් අපකීර්තියක් ඇති කල නිසා ඔහුගේ සාමාජිකත්වය ඉවත් කිරීමට තීරණය කරනු ලැබුවා.

මේ සම්බන්ධයෙන් සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ විධායක මණ්ඩලය සිදුකරන ලද පරීක්ෂණයේ ප්‍රතිඵලයක් ලෙස මෙම තීරණය අප පක්ෂය විසින් ගනු ලැබුවා.

advertistmentadvertistment
advertistmentadvertistment