මන්ත්‍රීවරු නවයක් කෝප් එපා කියති

378


පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා කෝප් කමිටුවට අලුතින් පත් කරන බව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවට නිවේදනය කිරීමත් සමග නැගී සිටි වසන්ත යාපා බණ්ඩාර මන්ත්‍රීවරයා තමා එයින් ඉල්ලා අස්වන බව දැනුම් දුන්නේය.

මේ විට කෝප් කමිටුවෙන් දයාසිරි ජයසේකර,නලින් බණ්ඩාර,ඉරාන් වික්‍රමරත්න,චරිත හේරත්,එස්.එම් මරික්කාර්,හේෂා විතාන,ගාමිණී වලේබොඩ සහ ශනක්‍යන් රාසමානික්කම් යන මහත්වරු ඉල්ලා අස්වී ඇත.ඒ අනුව කොප් කමිටුවෙන් ඉල්ලා අස්වූ මුළු මන්ත්‍රී ගණන නවයකි.

advertistmentadvertistment
advertistmentadvertistment