විනිමය බිල්පත් ආඥාපනතට සංශෝධන

79

1927 අංක 25 දරන විනිමය බිල්පත් ආඥාපනත සංශෝධනය කිරීම පිණිස පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා සහ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැතිවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව මේ අනුව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

දැනට ක්‍රියාත්මකව පවතින 1927 අංක 25 දරන විනිමය බිල්පත් ආඥාපනතේ ඇතැම් විධිවිධාන යම් මතභේදාත්මක කරුණු මතු කර ඇති අතර, එහි තවත් ඇතැම් විධිවිධාන යල් පැන ගොස් ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment