තීන්දුවට ස්තුතියි – දුමින්දට වෛර කරන්නේ නෑ – හිරුණිකාගේ මව කියයි

2830

දුමින්ද සිල්වා මහතා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවට ස්තුතිවන්ත වන බවත්, රටේ නීතිය ක්‍රියාත්මක වන බව පෙන්වීමට මෙය හොඳ අවස්ථාවක් බවත් මියගිය භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ බිරිඳ වන සුමනා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ‘දිවයින’ට ඊයේ (16 දා) පැවසුවාය.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ 68 වන උපන් දිනය ජනවාරි 26 වැනිදාට යෙදෙන බවත්, උපන් දිනය ආසන්නයේදී මෙම තීන්දුව ලැබීම විශේෂ අවස්ථාවක් බවත් ඇය කීවාය.

භාරත මහතාගේ ජීවිතය නැතිවීම නිසා තම පවුල විශාල හිඩසකට හා පසුබෑමකට ලක්වූ බවත්, තම පවුල විශාල පසුබෑමකට හිඩසකට ලක්වුවත් දුමින්ද සිල්වාට වෛර කිරීම හෝ පළිගැනීමේ චේතනාවක් තමන් තුළ නොමැති බවත් ප්‍රේමචන්ද්‍ර මහත්මිය කීවාය.

දුමින්ද සිල්වා මහතා රෝහල් ගතව සිටින බවත් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය ගැන සලකා බලා අවශ්‍ය පියවර ඉදිරියේදී නීතිය මගින්ම ගනු ඇතැයි තමා අපේක්ෂා කරන බවත් ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment