දෙනියාය මධ්‍ය විද්‍යාලයේ සිසුහු දෙදෙනෙක් අධිබල විදුලිසර වැදී රෝහලේ

655

ක්‍රීඩා උළෙලේ නිවාස ඉදිකිරීමට උණ ගස් කපන්න ගිහින් උණ ගසක් අධි බල විදුලි රැහැනක ගැටිලා

පාසල් නිවාසාන්තර ක්‍රීඩා උළෙලෙට නිවාස ඉදිකිරීම සඳහා උණ ගස් කැපීමට ගිය සිසුන් දෙදෙනකුට වොට් 33000 විදුලිසර වැදී රෝහල්ගත කර ඇත.

මාර/දෙනියාය මධ්‍ය මහා විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලට නිවාස ඉදිකිරීමට පාසල් භූමියෙහි තිබූ උණ පඳුරෙන් උණ ගසක් කපන ලද අතර උණ පඳුර අසල ස්ථාපිතකර ඇති විදුලි ට්‍රාන්ස්ෆෝමරයට සවිකර ඇති අධි බලැති විදුලි වොට් 33000 රැහැනක් උණ ගසක ගැටීමෙන් මෙම සිසුන් දෙදෙනාට විදුලිය වැදී දෙනියාය මූලික රෝහලට ඇතුළත් කර තිබේ. එක් සිසුවකු වැඩිදුර ප්‍රතිකාර සඳහා දෙනියාය රෝහලෙන් මාතර මහ රෝහලට මාරුකර යවා ඇති අතර අනෙක් සිසුවා දෙනියාය රෝහලේම ප්‍රතිකාර ලබයි. දෙනියාය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

සමන් උපුල් පිනිදිය – අකුරැස්ස

advertistmentadvertistment
advertistmentadvertistment