බූටාවත්තේ සිව් හැවිරිදි දරුවාට සීනි කරික්‍ද්ක්‍දං පෙවූ කත කූඩු

643

රවිඳු ගුණතිලක සිව් හැවිරිදි දරුවකුට සීනි කරිඤ්ඤං (සූක්කු) පෙවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිඟුරුකඩුව පොලීසිය පරීක්ෂණ පවත්වයි.

මියනකඳුර බූටාවත්ත පේළි නිවාසයක පදිංචි සිව් හැවිරිදි දරුවෙකුට ඉකුත් 16 වෙනිදා සීනි කරිඤ්ඤං පෙවීම නිසා දරුවා හිඟුරුකඩුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට මාරුකොට යවා ඇත.

දරුවාගේ දෙමව්පියන් ඇතුළු පේළි නිවාසයේ පදිංචි පවුල් කිහිපයක් නීති විරෝධී මත්දියර පානයට ඇබ්බැහිවී සිටින අය වන අතර අසල්වැසි පේළි නිවාසයක කාන්තාවක් විසින් දරුවාට සීනිකරිඤ්ඤං පොවන ලද බවට දරුවාගේ මව විසින් පොලිසියට පැමිණිලිකර තිබේ.

ඒ අනුව දරුවා රෝහල් ගතකර අධිකරණ වෛද්‍ය නිලධාරී වාර්තාවක්

ලබාගැනීමට පොලිසිය කටයුතු කරගෙන යයි. සිද්ධිය සම්බන්ධයෙන් අසල්වැසි පේළි නිවාසයක පදිංචි 52 හැවිරිදි කාන්තාවක් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය ඊයේ (17 දා) පස්සර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. හිඟුරුකඩුව පොලිස් ස්ථානාධිපති සෙනරත් බණ්ඩාර මහතා පරීක්ෂණ පවත්වයි.

බඩල්කුඹුර – රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment