ස්විස් බැංකුවේ ලංකාවේ සල්ලි!

3571

මේ පිළිබඳව ජිනීවාහි ශී‍්‍ර ලංකා ආරංචි මාර්ග පැවසුවේ එදා සිට අද දක්වාම ජිනීවා ම  ශී‍්‍ර ලංකා තානාපති බලධාරීන් කොටින්ගේ ස්විස් බැංකු ගිණුම් ගැන සොයන්නේ නැති බවයි. මේ අතර ස්විස් බැංකුවල පමණක් නොව ස්විට්සර්ලන්තයේ ඇති මූල්‍ය ආයතනවල රක්ෂණ සමාගම්වල සහ ට‍්‍රස්ට් නමින් හඳුන්වන මුදල් තැන්පත් කරන ආයතනවල ද විදේශිකයන් මුදල් තැන්පත් කර ඇතැයි ස්විස් ෆෙඩරල් බදු අධිකාරිය හෙළි කර ඇත. ස්විට්සර්ලන්තයේ තොරතුරු හුවමාරු කිරීමේ ඒ.ඊ. ඕ. ගිවිසුම යටතේ මෙම තොරතුරු ලබාගත හැකි වේ.

ස්විස් බැංකුවල විදේශිකයන් සතු බැංකු ගිණුම් මිලියන 311ක් ඇතැයි අලූත්ම වාර්තාවකින් අනාවරණය වී ඇත. මෙම බැංකු ගිණුම් අතර ඩොලර් මිලියන 58.3ක අතිවිශාල මුදලක් ශී‍්‍ර ලාංකිකයන් 92ක් සතුව ඇතැයි වාර්තා වී තිබේ. 2015 දී මේ ස්විස් බැංකු ගිණුම් ගැන හෙළිවුවත් මෙරට ආණ්ඩුව කිසිදු පියවරක් ගත්තේ නැත. වසර ගණනාවක් තිස්සේ ස්විස් බැංකුවල පැවැති රහස්‍යභාවය මෑතකදී අහෝසි විය. ඒ සමගම ඉන්දියාව තම රටවැසියන්ගේ රහස් බැංකු  ගිණුම් ගැන තොරතුරු ලබාදෙන ලෙස ස්විස් රජයෙන් ඉල්ලා සිටියේය. එහෙත් ශී‍්‍ර ලංකාව මේ දක්වාම එවන් ඉල්ලීමක් කර නැත.

ශී‍්‍ර ලාංකිකයන් 88 ක් 1974 සිට 2006 අතර සමයේ ස්විස් බැංකු ගිණුම් 129 ක් ආරම්භ කර ඇති අතර විදේශ මුදල් තැන්පත් කළ ශී‍්‍ර ලාංකිකයන්ගෙන් 18% ඊට සම්බන්ධ වී සිටිති. මේ ස්විස් බැංකු ගිණුම් තැන්පත්කර ඇත්තේ ජිනීවා නුවර යූ. පී. එස්. නමැති ප‍්‍රකට ස්විස් බැංකුවේ සහ තවත් බැංකුවකය. එලෙස ස්විස් බැංකුවල මුදල් තැන්පත්කර ඇති ශී‍්‍ර ලාංකිකයන්ගෙන් 6 ක් එකම පවුලේ අයයි. තවත් එකම පවුලේ තිදෙනකු ද සිටිති.

යාපනයේ කෝපායිහි පදිංචි අඹුසැමි යුවළක් ද සතු බැංකු ගිණුම් ජිනීවා නුවර ඇත. මෙයට අමතරව වැඩිම මුදලක් තැන්පත්කර ඇත්තේ කොටි ජාත්‍යන්තර ජාලයයි. එය ෆ‍්‍රෑන්ක් බිලියන 5කට සමානය. එහෙත් ස්විස් රජය එම තොරතුරු වසන්කර තිබේ. බි‍්‍රතාන්‍යය, ජර්මනිය, ප‍්‍රංශය, ඔස්ටි‍්‍රයාව ඇතුළු රටවල් කීපයකින් එකතුකර මුදල් ජිනීවා ප‍්‍රධාන බැංකුවක තැන්පත්කර ඇති අතර එම මුදල් නීති විරෝධී යැයි ස්විස් රජය දක්වා නැත්තේ කොටි සංවිධානය තහනම් සංවිධානයක් නොවන නිසය.

මේ නිසා එම මුදල් වැයකර ශී‍්‍ර ලංකාවට එරෙහි විරෝධතා පැවැත්වීම ඇතුළු වෙනත් මෙහෙයුම් සඳහා භාවිත කෙරේ. කොටි ඩයස්පෝරාව සතු මේ මුදල් සම්භාරය පිළිබඳව ශී‍්‍ර ලංකාවට ක‍්‍රියාමාර්ගයක් ගත හැක. එහෙත් එවැන්නක් සිදු නොවේ. මෙම කළු සල්ලි ජාවාරම අද කි‍්‍රයාත්මක කරන පාර්ශ්ව ගැන ද ශී‍්‍ර ලංකාවේ බුද්ධි අංශවලට තොරතුරු ලැබී නැත.

ජිනීවා – බර්න් සූරිච් ඇතුළු නගර රැුසක කොටි මෙහෙයුම් දියත් කිරීමට එකී ස්විස් කළු සල්ලි භාවිත කෙරේ. මෙයට හොඳම නිදසුන ප‍්‍රංශයේ සිට කි‍්‍රයාත්මක මරියදාස් බොස්කො නමැති කොටි ඩයස්පෝරා නායකයායි.

ඔහු සතුව රාජ්‍ය නොවන සංවිධාන 10කට වඩා ඇත. ජිනීවාහි මානව හිමිකම් සැසිවාර තුනට ම ඔහු සහභාගි වේ. එසේම තමිල්ණාඩුවේ සිට කුලියට ගෙන එන තක්කඩි ලවා ඔහු ශී‍්‍ර ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කරයි. එහෙත් අපේ විදේශ කටයුතු බලධාරීන් ඒ ගැන දන්නේ නැත. විදේශ කටයුතු නිලධාරීන් විදේශ තානාපති කාර්යාල සමග කටයුතු කිරීම ඊට මූලික හේතුවයි. ජිනීවාහි කොටි විරෝධී ආරංචි මාර්ග පැවසුවේ එක් මානව හිමිකම් සැසිවාරයකට සහභාගි වීම සඳහා ඩයස්පෝරාවට ෆ‍්‍රෑන්ක් පන්් ලක්ෂයක් පමණ වැය වන බවයි. එම මුදල් වැය වන්නේ මෙලෙසය.

1. මානව හිමිකම් කාර්යාලය තුළ සැරිසරන විදේශ සංවිධාන නායකයන්ට මුදල් ගෙවා ඔවුන් නතුකර ගැනීම

2. එක්සත් ජාතීන්ගේ නිලධාරීන්ට අල්ලස් දීම

3. හිටපු එක්සත් ජාතීන්ගේ නිලධාරීන් ලවා වාර්තා සකස්කර ගැනීම.

4. මානව හිමිකම් සමුළුව ඇමතීමට විදේශ සංවිධාන කුලියට ගැනීම

5 ශ‍්‍රී ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් කවුන්සිලය තුළ විවිධ චෝදනා ඉදිරිපත් කිරීම සඳහා ස්විස් දේශපාලකයන්ට මුදල් ගෙවීම.

හිටපු එක්සත් ජාතීන්ගේ නිලධාරිනි යස්මින් සුකාට පවා අතිවිශාල මුදලක් ගෙවන බව හෙළි වී ඇත.

මේ සඳහා වැය වන්නේ ස්විස් බැංකු ගිණුම්ය.

මෙයට අමතරව ප‍්‍රභාකරන්ගේ යුද්ධයට අවශ්‍ය යුද උපාංග මිලට ගැනීමට මුදල් සපයනු ලැබුවේ ද එම බැංකු ගිණුම්වලිනි. එහෙත් මෙරට විදේශ කටයුතු බලධාරීන් කොටින්ගේ ස්විස් බැංකු ගිණුම් ගැන අවධානය යොමු කළේ නැත.

එසේ වුවත් ඉන්දියාව මෑතකදී තම රටවැසියන් සහ ව්‍යාපාරික සමාගම් විසින් ස්විස් බැංකුවල තැන්පත්කර තිබූ ෆෑන්ක් බිලියන 2.55ක (ඉන්දීය රුපියල් කෝටි 20700* බැංකු ගිණුම්වලට අදාළ තොරතුරු ලබාගෙන තිබේ. එහෙත් අපේ රජය ශී‍්‍ර ලාංකිකයන්ගේ කළු සල්ලි ගැන ජිනීවා ස්විස් බැංකුවලින් විමසීමට කි‍්‍රයාකර නැත.

මන්දයත් බැංකු ගිණුම් හිමියන් ඉහළ පෙළේ ප‍්‍රබල දේශපාලකයන් සමග සබඳකම් පවත්වන නිසාය.

ස්විට්සර්ලන්තය නිදහස් රටක් නිසා රටවල් 65කට අධික සංඛ්‍යාවක ව්‍යාපාරිකයන්ට සහ කළු සල්ලි හිමියන්ට මෙලෙස ස්විස් බැංකු ගිණුම් පවත්වාගෙන යෑමට ඉඩ ලැබී ඇත. මේ අයුරින් පසුගිය රජය අතිවිශාල මුදලක් වැය කරමින් ශී‍්‍ර ලාංකිකයන් සතු මුදල් සෙවීමට ඩුබායි වෙත විමර්ශකයන් පිරිසක් යැවූ නමුත් ඩුබායි බලධාරීන් අදාළ තොරතුරු ලබා දුන්නේ නැත.

මේ පසුබිම මැද ස්විස් රහස්‍යබව අහෝසි වුවත් ස්විස් රජය එරට ඇති ශී‍්‍ර ලාංකිකයන්ගේ රහස් ගිණුම් ගැන තොරතුරු ලබාදේද?

ඊට ප‍්‍රධාන හේතුව ස්විස් රජය ශී‍්‍ර ලංකාව කෙරේ අයහපත් පිළිවෙතක් අනුගමනය කිරීමයි. එසේ වුවත් රජය කොළඹ ස්විස් තානාපතිවරයා සමග කළු සල්ලි ගැන සාකච්ඡා කළ යුතුව ඇතත් මෙතෙක් එවැන්නක් සිදුවී නැත.

මෙරටින් පැන ගිය රහස් පොලිස් නිලධාරියාව ආපසු මෙරටට ගෙන්වා ගැනීමට රජයට නොහැකි නම් ස්විස් බැංකු ගිණුම් හිමියන්ට අදාළ මුදල් මෙරටට ලබා ගැනීමට හැකි වේද? මේ අතර ස්්විස් බැංකුවක ඇත්තේ ත‍්‍රස්තවාදය සඳහා එකතු කළ අරමුදල්ය. එම අරමුදල් ත‍්‍රස්තවාදී කටයුතුවලට ද සම්බන්ධ වේ.

එසේ නම් ස්විස් බැංකුවල ඇති අරමුදල් මෙරටට ලබා ගැනීමට හැකි වේ. අපි‍්‍රකානු රටවල හිටපු රාජ්‍ය නායකයන් ගේ ස්විස් බැංකු ගිණුම්වල ඇති මුදල් ආපසු එම රටවල වත්මන් ආණ්ඩුවලට ලබාදීමට ස්විස් රජය කි‍්‍රයා කර ඇති අතර ශී‍්‍ර ලංකාවට එරෙහිව ත‍්‍රස්තවාදී මෙහෙයුම් සඳහා රැුස් කරගත් අරමුදල් මෙරටට ලැබිය යුතුය. එහෙත් එම මුදල් ලබා ගැනීමට ශී‍්‍ර ලංකාවේ වත්මන් රජය ද ස්විස් අධිකරණය හමුවේ මේ දක්වාම නඩුවක් ගොනුකර නැත.

ස්විස් රජය සිය රහස්‍යබව නමැති තහනම ඉවත් කිරීමට කි‍්‍රයාකර ඇති විටෙක එම අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගැනීමට රජය කි‍්‍රයා නොකිරීම ද මවිතයට කරුණකි. මේ පිළිබඳව ජිනීවාහි ශී‍්‍ර ලංකා ආරංචි මාර්ග පැවසුවේ එදා සිට අද දක්වාම ජිනීවා ශී‍්‍ර ලංකා තානාපති බලධාරීන් කොටින්ගේ ස්විස් බැංකු ගිණුම් ගැන සොයන්නේ නැති බවයි.

මේ අතර ස්විස් බැංකුවල පමණක් නොව ස්විට්සර්ලන්තයේ ඇති මූල්‍ය ආයතනවල රක්ෂණ සමාගම්වල සහ ට‍්‍රස්ට් නමින් හඳුන්වන මුදල් තැන්පත් කරන ආයතනවල ද විදේශිකයන් මුදල් තැන්පත් කර ඇතැයි ස්විස් ෆෙඩරල් බදු අධිකාරිය හෙළි කර ඇත. ස්විට්සර්ලන්තයේ තොරතුරු හුවමාරු කිරීමේ ඒ.ඊ. ඕ. ගිවිසුම යටතේ මෙම තොරතුරු ලබාගත හැකි වේ.

ස්විස් රජය දක්වන්නේ රටවල් 63 ක් සමග එම මූල්‍ය ගනුදෙනු තොරතුරු හෙළි කර ගත් බවයි. එහෙත් ශී‍්‍ර ලංකාව එම ගිවිසුම යටතේ තොරතුරු ලබාගෙන නැත. මෙතෙක් සිංහලයන් නවදෙනෙකුගේ ද ද්‍රවිඩයන් 7 කගේ ද ස්විස් බැංකු ගිණුම් ගැන තොරතුරු අනාවරණය වී ඇත. මෙම ගිණුම් හිමියන් අතර නීතිවේදියකු ද සිටී. ස්විස් නීතිය අනුව එරට මුදල් තැන්පත් කිරීම නීති විරෝධී නැත. එහෙත් ත‍්‍රස්ත අරමුදල් මත්ද්‍රව්‍ය ජාවාරම් සහ වෙනත් අපරාධකාර කි‍්‍රයාවලින් ලැබෙන ආදායම් ස්විට්සර්ලන්තයේ බැංකුගත කිරීම තහනම් වේ.

එහෙත් කොටි අරමුදල් ගැන ස්විස් රජය මෙතෙක් තැකීමක් කර නැත. ස්විස් ආරංචි මාර්ග හෙළි කළේ ස්විස් බැංකුවක සේවය කළ හර්වේ පර්සිියාන් මෙම රහස් තොරතුරු හෙළි කළ බවයි.

මෙම ස්විස් බැංකුවල රහස්‍යබව ආරම්භ වූයේ 1700 වසරේ සිට බව අනාවරණය විය.

ජිනීවා කවුන්සිලය විසින් යුරෝපා ඉහළ පැලන්තියේ වත්කම් ගැන තොරතුරු හෙළි කිරීම ව්‍යාර්ථ කරනු සඳහා ජිනීවා නුවරදී එම රහස්‍ය බව ආරම්භ විය.

1910 වසරේදී ස්විස් බැංකුකරුවන් ප‍්‍රංශයට ගොස් ස්විස් බැංකුවල රහස්‍යබව එරට ව්‍යාපාරිකයන්ට පවසා ඇත. 1934 දී ස්විස් බැංකු නීතිය පැනවීමෙන් පසු රහස්‍ය බව හෙළි විය. ජර්මන් ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර් ස්විස් යූ. බී. එස් බැංකුවේ ඩොයිෂ්මාර්ක් බිලියන 1.1 ක මුදලක් තැන්පත්කර ඇතැයි හෙළි විය.

පසුගිය දෙවැනි ලෝක මහා යුද්ධයේදී ජර්මානු යුදෙව්වන් ද ස්විස් යූ. බී. එස්. බැංකුවේ ගිණුම් සිය ගණනක් ආරම්භකර තිබිණි. 1934 ස්විස් බැංකු නීතිය සම්මත නිසා සියලූම ගනුදෙනුකරුවන්ගේ තොරතුරු හෙළි කිරීම වරදක් ලෙස ප‍්‍රකාශයට පත් විය.

එදා සිට ස්විස් බැංකු රහස් හෙළි නොවුවත් එච්. එස්. බී. සී. බැංකුවේ සේවය කළ නිලධාරියකු බැංකු ගනුදෙනුකරුවන්ගේ රහස් දත්ත සොරකම්කර විදේශ මාධ්‍ය ජාලයකට ලබාදීම නිසා ලොව රටවල් රැසක දේශපාලකයන්ගේ, පාලකයන්ගේ සහ ව්‍යාපාරිකයන්ගේ සහ චිත‍්‍රපටකරුවන්ගේ ගිණුම් තොරතුරු අනාවරණය විය. මෙය මහත් ආන්දෝලනාත්මක සිද්ධියක් විය.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment