පුරුෂාධිපත්‍යය ඉවරයි – කාන්තා පොලිස්පතිවරියකටත් දොර ඇරලා

3312

පොලිස්පති රාජ්‍ය ගිණුම් කාරක සභාවේදී කියයි

අනාගතයේදී කාන්තා පොලිස්පතිවරියක යටතේ කටයුතු කිරීමට පොලිසිය සූදානම් විය යුතු බව පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා පැවසීය.

ඔහු මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේදී ඉකුත් 26 දා පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හමුවේදීය. සභාපති ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් එම කාරක සභාව රැස්විය.

වසර හතකට පසු පොලිස් දෙපාර්තමේන්තුව එදින ගිණුම් කාරක සභාව වෙත කැඳවා තිබුණි.

මෙහිදී පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසුවේ කාන්තා පොලිස් නිලධාරිනියන්ට ද පොලිස්පති ධුරය දක්වා ඉහළට යෑම සඳහා අවශ්‍ය මාර්ගය මේ වන විට පොලිස් දෙපාර්තමේන්තුව ප්‍රතිසංස්කරණය කර ඇති බවය. ඒ අනුව පොලිස් දෙපාර්තමේන්තුව තුළ පැවති පුරුෂාධිපතිත්වය නැති කළ බවත් සුදුසුකම් අනුව කාන්තා පොලිස් නිලධාරිනියන්ට පොලිස්පති ධුරයට යෑමට උදාකර ඇති අවස්ථාව ඔවුන් ප්‍රයෝජනයට ගත යුතු බවත්ය.

ඒ අනුව ඉදිරියේදී ශ්‍රී ලංකාවේ පළමු කාන්තා පොලිස්පතිවරිය පත්වීමේ සිහිනයක් ඇතැයි ද එය සැබෑ කර ගැනීමට කාන්තා පොලිස් නිලධාරිනියන් කටයුතු කළ යුතු බව ද පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment