කෝටි 11ක ගජමුතු තබාගෙන සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට

226

රුපියල් කෝටි දෙකහමාරකට අධික වටිනාකමකින් යුතු ගජමුතු 11ක් සමග රිදී මංජුසාවක් ජාවාරම් කිරීම සඳහා සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙක් මඩකලපුව ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

ඉකුත් 29 වැනිදා මඩකලපුව පොලිස් වසමේ, පුලියන්තිව් ගාන්ධි ළමා උද්‍යානය ඉදිරිපිටදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ. චෙංකලඩි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30 ක් වන පුද්ගලයකු මෙසේ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මඩකලපුව පොලිස් ස්ථානය වෙත භාරදෙන ලදී. විශේෂ කාර්ය බළකායේ කල්මුණ කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව කල්මුණ කඳවුරේ කඳවුරු අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක ආර්.ඒ.ඩී.සී.එස්. රත්නායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකරන ලදී.

ප්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment