මුහුදුගිය වඩමාරච්චි  ධීවරයෝ දෙදෙනා අතුරුදන්

109

යාපනයේ වඩමරච්චි ප‍්‍රදේශයෙන් මුහුදු ගිය ධීවරයන් දෙදෙනකු 29 දා සිට අතුරුදහන් වී තිබේ.

මෙසේ අතුරුදන් වී ඇත්තේ ජෝෂප් පේ‍්‍රමකුමාර් (46) සහ අරුන්කුමාර් තනිහේමාරන් (49) යන යාපනයේ වඩමරච්චි ප‍්‍රදේශයේ ධීවරයන් දෙදෙනෙකි.

බෝටුවකින් මුහුදු ගිය මෙම ධීවරයන් දෙදෙනා අතුරුදන් වීමෙන් පසුව ඔවුන්ගේ පවුලේ ඥාතීන් පේදුරුතුඩුව පොලිසියට පැමිණිලි කර තිබේ. පොලිසිය මේ බව නාවික හමුදාවට දැනුම් දීමෙන් පසුව නාවික හමුදාව සහ ධීවරයන් එක්ව අතුරුදන් වූ ධීවරයන් දෙදෙනා සෙවීමේ කටයුතු ආරම්භ කර තිබේ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment