එංගලන්ත තරුණයෙක් යාපනයේ ගෙන්ගෙට ගොස් ජනයාට පිරිසිදු ජලය දෙන්න මුදල් රැස්කරයි

864

යාපනයේ පානීය ජලය නොමැති වැසියන්ට පිරිසිදු පානීය ජලය සපයා දීමේ අරමුණින් එංගලන්තයේ තරුණයෙකු යාපනයට පැමිණ මුදල් රැස් කිරීම සඳහා පා ගමනක් දියත් කොට තිබේ.

ලු‍විස් රෝච නමැති තරුණයා මේ වන විට යාපනය තුළ කිලෝ මීටර් 55 ක දුරක් ඇවිද මුදල් රැස් කොට ඇති අතර ඔහුට යාපනයේ ජනතාවගෙන් ඉතා හොඳ ප්‍රතිචාරයක් ලැබී තිබේ. මේ නිසා තවත් කිලෝ මීටර් සිය ගණනක් ගොස් තමන් මේ ව්‍යාපෘතිය සඳහා මුදල් සපයා ගන්නා බව ඔහු යාපනයේදී මාධ්‍යවේදීන්ට ප්‍රකාශ කොට තිබේ. යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ පී. සත්‍යමූර්ති වෛද්‍යවරයා එංගලන්ත ජාතිකයාගේ පාගමනට පූර්ණ සහය ලබා දී තිබේ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment