හැටන් බේකරියකට කඩාවැදී පිරිසක් යකා නටලා

118

සැකකරුවෝ දැලේ

හැටන් කොටගල දුම්රියපළ මාර්ගයේ පිහිටි බේකරියකට කඩා වැදි එහි දේපළවලට පහර දී අලාභ හානි සිදු කළ ප්‍රධාන සැකකරු දිඹුල පතන පොලිසියේ නිලධාරීන් විසින් (28) දින අත්අඩංගුවට ගෙන හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුව (30) දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.

ඉකුත් (27) දින රාත්‍රි 10.30 ට පමණ බේකරියට කඩා වැදුණු මැර පිරිසක් එම බේකරියේ සේවය කරමින් සිටි සේවකයන් දෙදෙනකුට සහ බේකරියට අයත් ලොරි රථ දෙකකට පහර දී දැඩි අලාභහානි සිදු කර පළාගොස් ඇත.

හය දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් පොලු සහ මුගුරු රැගෙන බේකරියට පැමිණි ඇති බවත්, ඉන් අනතුරුව බේකරියේ සේවය කරමින් සිටි සේවකයන්ට පහරදී තුවාල සිදු කර බේකරිය ඉදිරිපිට ගාල් කර තිබූ ලොරි රථ දෙකකට පහර දී දැඩි අලාභහානි සිදු කර එම සැකකරුවන් පිරිස පලා ගොස් සිටියදී එම බේකරියේ සවි කර තිබූ ආරක්ෂිත කැමරා පද්ධතියේ දත්ත පරීක්ෂා කිරීමෙන් අනතුරුව එහි ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු පහර දීම සම්බන්ධයෙන් තවත් සැකකරුවන් පස්දෙනකු දිඹුල පොලිසිය වෙත (28) දින පස්වරුවේ භාර වූ බවත්, එම සැකකරුවන්ද හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව දිඹුල පතන පොලිසිය පැවසීය.

හැටන් බේකරියකට කඩාවැදී පිරිසක් යකා නටලා
හැටන් බේකරියකට කඩාවැදී පිරිසක් යකා නටලා

පහර දීමට ලක් වූ බේකරියේ අයිතිකරු වන රනට් ඩී සිල්වා මහතා කියා සිටියේ (28) දින පොහෝ දිනයක් නිමිත්තෙන් බේකරි නිෂ්පාදන කටයුතු ඉතා සිමිත ප්‍රමාණයක් පමණක් සිදු කළ නිසා සේවකයන් දෙදෙනකු පමණක් බේකරිය තුළ රැඳී සිටි බවයි.

තම බේකරියේ සේවය කරන සේවකයකු සහ සැකකරුවකු අතර ඇති වූ බහින්බස් වීමකට උරණ වූ පිරිසක් රාත්‍රි කාලයේ තම බේකරියට කඩා වැදී බේකරියේ දේපළවලට සහ සේවකයන්ට පහර දී අලාභහානි සිදු කර ඇති බවයි.

නුවරඑලිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment