අධික වේගයෙන් ආ  ලංගම බස් මාරයා ඉංජිනේරුවා බිලිගනී

212

තමන් ගමන් ගත් වෑන් රිය කුරුණෑගල සිට අනුරාධපුරය බලා ධාවනය වෙමින් තිබූ ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක මුහුණට මුහුණ ගැටී 54 හැවිරිදි ඩෙන්සිල් වීරක්කොඩි නමැති ඉංජිනේරුවෙකු මරණයට පත්ව තිබේ.

ඔහු කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර මෙම අනතුර සිදුව ඇත්තේ තම නිවස බලා ගමන් ගත් අවස්ථාවේය. මහව උඩුවේරිය ප්‍රදේශයේදී ප.ව 1ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර අනතුරෙන් වෑන් රථයට හා බස් රථයට දැඩි හානි සිදුව තිබේ. අධික වේගයෙන් බස් රථය පැමිණ ඇති අතර වේගය පාලනය කරගත නොහැකිව බසය වෑන් රථයේ මුහුණට මුහුණ ගැටී තිබේ. අනතුරුව බස් රථය මාර්ගයේ තිබූ ගසක ද වැදී තිබිණි. අනතුරෙන් බස් රථයේ ගමන් ගත් මගීන් කිහිප දෙනෙකුට ද තුවාල සිදුව ඇති අතර ඔවුන්ගේ තත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කලේය. බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් තර ඇති අතර අනතුර සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ මහව රථවාහන පොලිසිය විසින් සිදු කරනු ලබයි.

කුමා රණසිංහ – ගල්ගමුව
 

advertistmentadvertistment
advertistmentadvertistment