නැගෙනහිර මහ නගර සභාවක කොමසාරිස් කෙනෙක් බදු ගසාකාලා

212

සී. අයි. ඩී. විමර්ශන ඇරැඹෙයි

නැඟෙනහිර පළාතේ පිහිටි මහ නගර සභාවක කොමසාරිස්වරයකු විසින් එම නගරවාසීන්ගෙන් අයවිය යුතු බදු වංචා කිරීමේ සිද්ධියක් පිළිබඳ රහස් පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

මෙම පුද්ගලයා මහ කොමසාරිස්වරයකු ලෙස එක් නගර සභාවක සේවය කරද්දී ජනතාවගෙන් අයවිය යුතු බදු මුදල් වංචා කර රුපියල් ලක්ෂ ගණනක ආදායමක් ලබාගෙන තිබෙන බව රහස් පොලිස් ආරංචි මාර්ග කියයි.

ඉන්පසු ඔහු දැන් වෙනත් නගර සභාවක සේවය කරමින් සිටියදී ලැබුණු තොරතුරු රැසක් මත රහස් පොලිසිය ඔහු අත්අඩංගුවට ගෙන මෙසේ ප්‍රශ්න කරගෙන යයි.
නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment