මියගිය මවගේ දේහය සඟවමින් ඔස්ටි‍්‍රයානු ජාතිකයෙක් වසරක් විශ‍්‍රාම වැටුප ලබාගෙන

277

සිය මවට ලැබෙන මාසික විශ‍්‍රාම වැටුප ලබා ගැනීම සඳහා ඔස්ටි‍්‍රයානු ජාතිකයෙකු වසරකට අධික කාලයක් සිය මවගේ මෘත දේහය නරක් වීමට ඉඩ නොහරිමින් සිය නිවසේ බිම් මහළෙහි තබාගෙන සිට ඇති බව ඔස්ටි‍්‍රයානු පොලිසිය පවසයි. මිය ගොස් ඇති 89 හැවිරිදි වියෙහි පසු වූ මව ‘මෙන්ෂියා’ රෝගයෙන් පෙළෙමින් සිටියදී ඉකුත් වසරේ ජුනි මාසයේදී ස්වභාවික හේතුන් මත මිය ගොස් ඇති බව අනාවරණය වී තිබේ.

 මියගිය කාන්තාවගේ 66 හැවිරිදි වියෙහි පසුවන පුත‍්‍රයා සිය මවගේ දේහයෙන් දුගඳ හැමීම වැළැක්වීම සඳහා එය බැන්ඬේජ් පටිවලින් ඔතා දේහය මත අයිස් පැකට් තබා තිබූ බව පොලිසිය විසින් අනාවරණය කරගෙන තිබේ. සිය මව මියගිය බව අනාවරණය නොකිරීම හේතුවෙන් අදාළ පුත‍්‍රයා පසුගිය කාලය තුළ මවගේ විශ‍්‍රාම වැටුප වශයෙන් යුරෝ 50,000 ක පමණ මුදලක් නීති විරෝධී අයුරින් ලබාගෙන ඇති බව හෙළි වී තිබේ. මෙම වංචාව හෙළි වී ඇත්තේ ඔස්ටි‍්‍රයාවේ බටහිර ටයිරෝල් ප‍්‍රදේශයේ පදිංචි ඉහත කී පුද්ගලයාගේ නිවෙසට ඔහුගේ මවගේ විශ‍්‍රාම වැටුප් චෙක්පත ලබාදීම සඳහා පැමිණි ලියුම් බෙදන්නා විසින් විශ‍්‍රාම වැටුප හිමි කාන්තාව බැලීමට අවශ්‍ය බව පැවසූ විට පුත‍්‍රයා එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුවය. මෙම සිදුවීමෙන් පසු ලියුම් බෙදන්නා ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කර ඇති අතර පොලිස් නිලධාරීන් විසින් නිවස පරීක්ෂා කිරීමේදී මියගිය කාන්තාවගේ දේහය සොයා ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment