කළුතර තිස්ස ජාතික පාසලට ජය

27

මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී පැවති කළුතර විද්‍යාලය සහ කළුතර තිස්ස ජාතික පාසල අතර සීමිත ඕවර් 50 එක් දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 109 ක ජයග්‍රහණයක් තිස්ස ජාතික පාසලට හිමි විය.

14 වරට පැවති එම තරගයේ පළමුව පන්දුවට පහර දීමට පැමිණි තිස්ස ජාතික පාසල සියලු දෙනාම දැවී ලකුණු 247 ක් ලබා ගත් අතර ඊට පිළිතුරු දීමට පැමිණි කළුතර විද්‍යාලය ඕවර් 42 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 122 ලබා සිටියේය.

එම අවස්ථාවේ කාලගුණය හරස් වීම නිසා ඩක්වර්ත් ලුයිස් ක්‍රමය අනුව ලකුණු 109 ක පහසු ජයක් ලබා ගැනීමට තිස්ස ජාතික පාසලට හැකි විය.

මොරටුව ඉරංග ගුණවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment