පිටින් ඩොලර් බිලියන 3 -4 ක් ඕන

279

බාහිර මුලාශ්‍රවලින් ඇමරිකානු ඩොලර් බිලියන 3ත් 4ත් අතර ප්‍රමාණයක් අපේක්ෂා කරන බව මුදල් ඇමැති අලි සබ්රි මහතා පවසයි.

මින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් බලාපොරොත්තු වන ප්‍රමාණය කොපමණ ද විමසූ විට එයට පිළිතුරුදෙමින් මුදල් ඇමැතිවරයා කීවේ තවම හරියටම නැහැ, අපි ඔවුන් සමග සාකච්චා කිරීමේ අවසන් අදියරේ සිටින්නේ යනුවෙනි.

දැන් ණය ගෙවීමේ පීඩනය ඉවත් වී තිබෙන නිසා ගෙවුම් ශේෂ පීඩනය විසදීමට සහාය වීමට සහ අඛණ්ඩ ඉන්ධන සැපයුමක් ලබාගැනීම හරහා විදුලි කප්පාදුව වළක්වා ගැනීමට අවශ්‍ය බව ද ඇමැතිවරයා කීවේය.

මේ හරහා කර්මාන්ත බලපෑමට ලක්වීම වැළැක්වීමට අවශ්‍ය බව ද ඔහු සඳහන් කරයි.

ජාත්‍යන්තර මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග මූලික සාකච්ඡා අප්‍රේල් 18 වැනිදා ආරම්භ කරන බව ද හෙතෙම සඳහන් කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සමග සාකච්ඡා සඳහා මුදල් අමාත්‍ය අලි සබ්රි සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ඇමරිකාවේ වොෂින්ටන් නුවර බලා පිටත්ව යෑමට නියමිතය.

මෙයට අමතරව ඉන්දියාවෙන් සහ චීනයෙන් ද මූල්‍ය ආධාර අපේක්ෂාවෙන් සිටින බව මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත සහ නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment