ස්පාඤ්ඤයේ සමාජශාලා ගින්නකින් 13 ක් මරුට

126

ගිණිකොණදිග ස්පාඤ්ඤයේ රාත්‍රි සමාජශාලා තුනක පෙරේදා (01දා) උදෑසන පැතිර ගිය ගින්නක් හේතුවෙන් පුද්ගලයන් 13 දෙනකු මියගොස් ඇත.

ස්පාඤ්ඤයේ මුර්සියා නගරයේ පිහිටි “ලා ෆොන්ඩා මිලාග්‍රොස්” රාත්‍රි සමාජ ශාලාවේ පෙරේදා අලුයම හටගෙන ඇති මෙම ගින්න යාබද සමාජ ශාලා දෙකකට පැතිර ගොස් ඇති බව වාර්තා වේ. මියගොස් ඇති සියලු දෙනා ලා ෆොන්ඩා සමාජ ශාලාවේ පැවැති උපන්දින උත්සවයකට සහභාගි වූ පුද්ගලයන් බව අනාවරණය වී තිබේ. ගින්නට හසු වූ තවත් 14 දෙනකු පිළිබඳව තොරතුරු නොලැබීම හේතුවෙන් ගින්නෙන් මියගිය පිරිස තවත් ඉහළ යා හැකි බව බලධාරීහු පවසති.

advertistmentadvertistment
advertistmentadvertistment