එංගලන්තයේ වෛද්‍යවරුන් තෙදින වැඩවැරුමක

603

එංගලන්තයේ රෝහල්වල සේවය කරන කණිෂ්ඨ වෛද්‍යවරුන් හා විශේෂඥ වෛද්‍යවරුන් විසින් ඊයේ (02දා) උදෑසන දියත් කළ තෙදින වෑඩවර්ජනය හේතුවෙන් රෝහල්වල සේවා කටයුතු අඩාල වීමෙන් මිලියන ගණනක රෝගීන් සංඛ්‍යාවක් අසීරුතාවයට පත්ව සිටින බව එංගලන්ත මාධ්‍ය පවසයි.

වෛද්‍යවරුන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් එංගලන්ත රජය සමග පැවැති සාකච්ඡාවලදී එකඟතාවයකට එළඹීමට නොහැකි වීම හේතුවෙන් ලබන බ්‍රහස්පතින්දා දක්වා වර්ජනයේ යෙදීමට එම වෛද්‍යවරුන් තීරණය කර ඇති බව එංගලන්ත වෛද්‍ය සංගමය පවසයි.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment